බහමා දූපතේ ප්‍රීපෝර්ට් වරායේ නැව් තාටාකාංගනයේ දොඹකරයක වැදීමෙන් ජෙට් යානයක් අනතුරට පත්ව එහි ගමන්ගත් පුද්ගලයන් නම දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සම්බන්ධයෙන් බහමාස් රාජකීය පොලිස් බලකාය පරීක්ෂණ ආරම්භ කැර ඇත. බහාමාස් හි අගමැති පෙරී ක්‍රිස්ටි අනතුර සම්බන්ධ නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ප්‍රසිද්ධ පූජකරයකු වු මිලෙස් මුන්රෝ සහ ඔහුගේ බිරිඳ රූත් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සතියේ බහාමාස්හි ෆ්‍රීපෝර්ට් හි පැවැත්වීමට නියමිත ගෝලීය නායකත්ව සැසිය සැලසුම් කර ඇති පරිදීම පැවැත්වෙන බව බහාමාස් රාජ්‍යය නිවේදනය කර ඇත. එක්සත් ජාතීන්ගේ හිටපු ඇමරිකානු තානාපති ඇන්ඩෘ යංග් ද සැසිය ඇමතීමට නියමිතය.
ගුවන් අනතුරින් මියගිය මුන්රෝ යුවල ඇන්ඩෘ යංග් මහතාගේ සමීපතම මිතුරන් බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
COMMENTS