එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත් වන තම ප‍්‍රතිවාදී අපේක්‍ෂක විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේස් ඝාතනය කර, එහි වරද තමා පිට පටවා, හමුදා කුමන්ත‍්‍රණයක් සිදුකර රට අස්ථාවර කිරීමට ඇමෙරිකාව කුමන්ත‍්‍රණය කරන බව චාවේස්ගේ අභාවයෙන් පසු වෙනිසියුලාවේ භාරකාර ජනපති ලෙස කටයුතු කරන නිකලස් මදුරෝ චෝදනා කරයි.
චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ද වන මදුරෝ මේ බව කියා සිටියේ පෙරේදා (17) රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එම කුමන්ත‍්‍රණය පසුපස ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය සහ සී.අයි.ඒ බුද්ධි අංශ නිලධාරීන් සිටිනබව භාරකාර ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටී. ජනපති මදුරෝ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටියේ එම කුමන්ත‍්‍රණය ගැන වහා සොයා බලා එය නවත්වන ලෙසටය. ඔබාමා එම කුමන්ත‍්‍රණයේ හවුල්කරුවකු නොවන බව ද මදුරෝ පැවැසුවේය.
‘‘සී.අයි.ඒ. සංවිධානය සහ පෙන්ටගනයේ රොජර් නොරිගා සහ ඔටෝ රිච් යන නිලධාරීන් එක් වී සැලැසුම් කරන එම කුමන්ත‍්‍රණය ගැන වහා සොයා බලන්නැයි මා ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටිනවා. කුමන්ත‍්‍රණකරුවන්ගේ අරමුණ වී ඇත්තේ චාවේස්ගේ අභාවයෙව් පසු වෙනිසියුලාව අස්ථාවර කිරීමට” යැයි එම සම්මුඛ සාකච්ඡාවේදී මදුරෝ අවධාරණය කළේය.
වෙනිසියුලාවේ ජනපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන අපේ‍්‍රල් 14 වැනිදාය. ඊට චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙස මදුරෝ ඉදිරිපත් වන අතර ඔහුට අභියෝගයක් වීමට විපක්ෂ නායක දක්ෂිණාංශික මතධාරී හෙන්රීකේ සූදානමින් සිටී. හෙන්රීකේ ඇමෙරිකානු හිතවාදියෙකි. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති ජනපතිවරණයේ දී චාවේස් සමඟ තරඟ කළේ ද ඔහුය. එම මැතිවරණයේදී ද ඔහුට ඇමෙරිකාවේ ද සහාය හිමිවිය. එහෙයින් මදුරෝ එල්ල කරන එම චෝදනාවල කිසිදු පදනමක් නැතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් සල්මාන් කුමරු, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරය බාරගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතමින් පවසා ඇත්තේ ඉදිරි සිවු වසරක කාලය
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුව, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි. නියෝග
ඇමෙරිකානු ජාතික ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින් ලබා දුන් එක් විධායක නියෝගයකට එරට ෆෙඩරල් අධිකරණය හරස් විය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවමින් සුබ පැතුම් එක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පෙබරවාරියේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනැවීමට තමන් බලාපොරොත්තු වන බව ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයේ දිවුරුම් දුන් ජොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින්, ඇමෙරිකාව ස්වර්ණමය යුගයක් කරා ගෙන යන බවට ප්‍රතිඥා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වැඩ බාර ගනිම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විපක්ෂ නායක මරා වරද මා පිට දාන්න ඇමෙරිකාව කුමන්ත‍්‍රණය කරනවා
ෆාරු Tuesday, 19 March 2013 05:18 PM
එහෙම තමයි ඇමරිකාව... (නි)
කරුණාතිලක Tuesday, 19 March 2013 08:42 AM
දේශපාලනය කියන්නේ පුදුම දෙයක්