වෙනිසියුලා ගැටලුව සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කිරීමට තම රට සූදානම් බව රුසියානු විදේශ ඇමතිවරයා පැවසුවේය.


මාර්තු 02 දා රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රෝව් මහතා එක්සත් ජනපද රාජ්යස ලේකම් මයික් පොම්පේ මහතා සමඟ දුරකතන ඇමතුමකට සම්බන්ධවෙමින් වෙනිසියුලාවේ වර්ථමාන තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සිදුකළ යුතු බව පවසා ඇත.


එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද තර්ජන හෙලා දකින බවත්  වෙනිසියුලා වැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇති බව  ඔහු පැවසුවේය.


මේ මාසය මුලදී එක්සත් ජනපදය වෙනිසියුලාවට පනවා ඇති නව සම්බාදක සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.


එසේම සිරියාව, ඇෆ්ගනිස්තානය සහ කොරියානු අර්ධද්වීපය සම්බන්ධයෙන් විශේෂඥ මට්ටමේ අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට එකඟ වී ඇත. 

රොයිටර් ඇසුරෙනි


63226