වීදි දරුවන් සහ ළමා කම්කරුවන්ගේ තොරතුරු ලොවට කියා පෑමට ඉන්දියාවේ දිල්ලි නුවර විදි දරුවන් විසින් ‘‘බාලක්නාමා“ නමින් පුවත්පතක් ආරම්භ කැර ඇතැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.
බලක්නාමා යන්නේ අර්ථය වන්නේ ළමා හඩ යන්නයි. ඔවුන් මේ පුවත්පත නම් කැර ඇත්තේ ‘වීදි දරුවන් හා ළමා කම්කරුවන් වෙනුවෙන් වීදි දරුවන් විසින් ගෙන එන ලොව අද්විතීය පුවත්පත‘ යනුවෙනි.
දැනට පිටපත් 5500ක් බෙදා හරින මේ පුවත් පතේ ප්‍රධාන කර්තෘ චාද්නි නමැති වීදි දැරියකි. ඇය තවමත් 18 වැනි වියේ පසුවන්නීය.
‘‘මේ පුවත්පත සංස්කරණය කරන්න ලැබීම ඇත්තටම හරිම සතුටක්. මෙවැනි පුවත්පතක් ලෝකයේ කිසිම තැනක නැහැ. ළමා විය සොරා ගැනීමට ලක් වූ අය, කුස ගින්නේ වීදියේ සිටි අය, ළමා වියේ දී හිඟා කෑ අය, අතවරයන්ට ලක්වූ සහ ළමා වියේ දී කම්කරුවන් බවට පත්වුණු අය මේ පුවත්පතට ලියනවා. ඔවුන් එදා විඳි වේදනාව අද එවැනිම දරුවන් පිරිසක් විඳින වේදනාව ලියනවා. මෙය අනුවේදනීය තොරතුරු රැසකින් සමන්විතයි. ඉතාමත් වේදනාබර හා හැඟුම්බර අත්දැකීම් මේ පුවත්පතේ අන්තර්ගත වනවා. අපි හිතනවා මෙය ලෝකය පුරාම ඉතා ඉක්මණින් ජනප්‍රිය වේවි කියා. “
චාද්නි ඉතා දුප්පත් ජීවිතයක් ගත කළ දැරියකි. ඇය තම පියා සමග දිල්ලි නගරයේ වීදි පුරා රංගනයේ යෙදුණාය. ඇය පවසන්නේ මේ පුවත්පතට ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලින් එක්වූ සියළුම වාර්තාකරුවන් ද වීදි දරුවන් හෝ ළමා කම්කරුවන් හෝ ලෙස ජීවත් වූ අය බවයි.
මේ පුවත්පත ඉන්දියා රුපියල් දෙකකට අළෙවි කරයි. රජයෙන් මේ සදහා කිසිදු ආධාරයක් නොලැබුණු බවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එය ආරම්භ කිරීමට සහයෝගය දුන් බවත් චාද්නි පවසයි.
ඉන්දීය රජයේ දත්තවලට අනුව එරට විදි දරුවන් හා ළමා ශ්‍රමිකයන් කෝටියකට වැඩි ප්‍රමාණයක් සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජවාදය ගොඩනැඟීම ඉතා අවශ්‍යයි (නි)
සුබ පැතුම්! ඉදිරියටම යන්න (නි)