විටමිනයක් ආධාරයෙන් මිනිස් ඇසට අධෝරක්ත කිරණ හඳුනාගැනීමේ හැකියාව ලබාදිය හැකියැයි ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් කියති.
අධෝරක්ත කිරණ නිකුත් වන්නේ උණුසුම් වස්තු වලිනි.මෙම කිරණයන් හඳුනාගැනීමේ හැකියාව එනම් උණුසුම ඇසුරින් වස්තුවක් හදුනාගැනීමේ හැකියාව මිනිස් ඇසට නැත.
නමුත් සර්පයින් වැනි සතුන්ට මෙන්ම මිනිසාම නිපදවා ඇති ‘‘නයිට් විෂන්‘‘කැමරා ආදියට මෙසේ අධෝරක්ත කිරණ හඳුනාගත හැකිය.
ඇසට අධෝරක්ත කිරණ හඳුනාගත නොහැකි ප්‍රධාන හේතුව වන්නේ එයට හසුවන ආලෝක පරාසයට අධෝරක්ත කිරණ හසු නොවීමය.
පර්යේෂකයින් පිරිස පවසන ආකාරයට මිනිස් ඇසට හසුවන ආලෝක පරාසය අධෝරක්ත කිරණ හසුවන සේ ඉතා පහසුවෙන්ම වෙනස් කළ හැකිය.
ඔවුන්ට අනුව මෙම විපර්යාසය සිදුකිරීමට අවැසි වන්නේ ආහාර රටාවේ කුඩා වෙනසකි.එනම් අප ලබාගන්නා ඉතා සුලබ විටමිනයක් වන විටමින් ඒ 1 වෙනුවට විටමින් ඒ 2 ලබාගැනීමයි.
විටමින් ඒ 2 අධෝරක්ත කිරණද හඳුනාගත හැකි වන සේ ඇසේ ආලෝක පරාසය ඉහළ නංවන බව ඔවුන් කියයි.ඒ ඇසේ ආලෝක පරාසය කෙරෙහි බලපැවැත්වෙන බව කියන ප්‍රොපිරොස්පින් නම් සංයෝගයක් වැඩියෙන් නිපදවීම මගින්ය.
කෙසේ නමුත් අක්ෂි විශේෂඥයෝ මෙම විද්‍යාඥ පිරිසගේ මතය සාවද්‍ය යැයි බැහැර කරති.
ආලෝකය හදුනාගැනීම සදහා ඇසෙහි ඇති සංවේදක සෛල ස්ථීර ලෙසම සකස් වී ඇත්තේ දෘෂ්‍ය ආලෝකය හදුනාගැනීමට පමණක් යැයිද ඒවා කිසිසේත් දෘෂ්‍ය ආලෝක පරාසයෙන් ඔබ්බට පිහිටන අධෝරක්ත කිරණ වැනි කිරණ විශේෂයන් හඳුනාගත හැකිවන සේ වැඩිදියුණු කළ නොහැකි යැයිද ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්ෂි විශේෂඥයෝ කියන දේ නිවැරදි වෙන්ඩ පුළුවන්.. මොකද මින්ස් ඇසෙහි ඇති සංවේදක සෛල ස්තරය දෘෂ්‍ය ආලෝක පරාසය තුල පිහිටන ආලෝක කිරණ හඳුනා ගැනීමට පමණක් සැකසී ඇත. (අ)