IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විටමිනයෙන් කළ හැකි හාස්කමක්

විටමිනයක් ආධාරයෙන් මිනිස් ඇසට අධෝරක්ත කිරණ හඳුනාගැනීමේ හැකියාව ලබාදිය හැකියැයි ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් කියති.

අධෝරක්ත කිරණ නිකුත් වන්නේ උණුසුම් වස්තු වලිනි.මෙම කිරණයන් හඳුනාගැනීමේ හැකියාව එනම් උණුසුම ඇසුරින් වස්තුවක් හදුනාගැනීමේ හැකියාව මිනිස් ඇසට නැත.

නමුත් සර්පයින් වැනි සතුන්ට මෙන්ම මිනිසාම නිපදවා ඇති ‘‘නයිට් විෂන්‘‘කැමරා ආදියට මෙසේ අධෝරක්ත කිරණ හඳුනාගත හැකිය.

ඇසට අධෝරක්ත කිරණ හඳුනාගත නොහැකි ප්‍රධාන හේතුව වන්නේ එයට හසුවන ආලෝක පරාසයට අධෝරක්ත කිරණ හසු නොවීමය.

පර්යේෂකයින් පිරිස පවසන ආකාරයට මිනිස් ඇසට හසුවන ආලෝක පරාසය අධෝරක්ත කිරණ හසුවන සේ ඉතා පහසුවෙන්ම වෙනස් කළ හැකිය.

ඔවුන්ට අනුව මෙම විපර්යාසය සිදුකිරීමට අවැසි වන්නේ ආහාර රටාවේ කුඩා වෙනසකි.එනම් අප ලබාගන්නා ඉතා සුලබ විටමිනයක් වන විටමින් ඒ 1 වෙනුවට විටමින් ඒ 2 ලබාගැනීමයි.

විටමින් ඒ 2 අධෝරක්ත කිරණද හඳුනාගත හැකි වන සේ ඇසේ ආලෝක පරාසය ඉහළ නංවන බව ඔවුන් කියයි.ඒ ඇසේ ආලෝක පරාසය කෙරෙහි බලපැවැත්වෙන බව කියන ප්‍රොපිරොස්පින් නම් සංයෝගයක් වැඩියෙන් නිපදවීම මගින්ය.

කෙසේ නමුත් අක්ෂි විශේෂඥයෝ මෙම විද්‍යාඥ පිරිසගේ මතය සාවද්‍ය යැයි බැහැර කරති.

ආලෝකය හදුනාගැනීම සදහා ඇසෙහි ඇති සංවේදක සෛල ස්ථීර ලෙසම සකස් වී ඇත්තේ දෘෂ්‍ය ආලෝකය හදුනාගැනීමට පමණක් යැයිද ඒවා කිසිසේත් දෘෂ්‍ය ආලෝක පරාසයෙන් ඔබ්බට පිහිටන අධෝරක්ත කිරණ වැනි කිරණ විශේෂයන් හඳුනාගත හැකිවන සේ වැඩිදියුණු කළ නොහැකි යැයිද ඔවුහු පවසති.



අදහස් (0)

විටමිනයෙන් කළ හැකි හාස්කමක්

ශාන Thursday, 28 August 2014 04:58 AM

අක්ෂි විශේෂඥයෝ කියන දේ නිවැරදි වෙන්ඩ පුළුවන්.. මොකද මින්ස් ඇසෙහි ඇති සංවේදක සෛල ස්තරය දෘෂ්‍ය ආලෝක පරාසය තුල පිහිටන ආලෝක කිරණ හඳුනා ගැනීමට පමණක් සැකසී ඇත. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1043 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site