IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ලාස් වේගාස් ප්‍රහාරයකයා හඳුනා ගැනේ

ලාස් වේගාස් නුවර සංගීතප්‍රසංගයට වෙඩි ප්‍රහාර එල්ල කර 54දෙනකු පමණ මරා දැමූ පුද්ගලයා ස්ටෙෆන් පැඩොක් නැමැති 64 හැවිරිදි අයෙකු බවට හඳුනා ගෙන තිබේ.

පොලිසිය විසින් සිදු කරන ලද මූලික පරීක්ෂණ වලින් හෙලි වී ඇත්තේ ඔහු මැන්ඩලේ බේ හෝටලයේ 32වැනි මහලේ සිට සංගීත ප්‍රසංගයේ ප්‍රෙක්ෂකයින් වෙත වෙඩි ප්‍රහාර 100ක් පමණ එල්ල කර ඇති බවයි.  ස්වයංක්‍රීය ගිණි අවියකට සමාන හඬක් ඇසුණ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ප්‍රහාරකයා පසුව ඔහුටම වෙඩි තබාගෙන මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන බවයි. ප්‍රහාරකයාගේ කාමරය තුළ තිබී තවත් රයිෆල් ගිණි අවි 10ක් සොයාගෙන ඇත. මෙය හුදකලා ත්‍රස්ත ප්‍රහාරයක ස්වරූපය ගන්නා බව ප්‍රධාන පොලිස් පරීක්ෂක ජෝ ලැම්බාඩෝ පවසයි.

ප්‍රහාරකයාගේ සහෝදරයා වන එරික් පැඩොක් මාධ්‍යයට පවසා ඇත්තේ ස්ටෙෆන් මෙවැනි දෙයක් සිදුකිරීම තමන්ට අදහාගැනීමට නොහැකි බවයි. පවුලේ සාමාජිකයන් බියට පත්ව සිටින බවත් ප්‍රහාරයට සම්බන්ධ වූවන් වෙත කණගාටුව පල කරන බවත් ඔහු තවදුරටත් පවසා ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 406 දෙනකු රෝහල් ගත කර සිටින බව නවතම වාර්තා වල දැක්වේ.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (2)

ලාස් වේගාස් ප්‍රහාරයකයා හඳුනා ගැනේ

Don Tuesday, 03 October 2017 04:34 PM

වෙඩි ප්‍රහාර 100 කින් 54 ක් මරණයට පත්වී 406 ක් තුවාල ලබල කියද්දී මට නම් පුදුමයි..

:       0       0

Ajith Nissanka Tuesday, 03 October 2017 11:50 PM

මේකේ පුදුම වෙන්න දෙයක් නැහැ! මොහු භාවිතා කර ඇත්තේ machine තුවක්කු! මේ නවීන තුවක්කු වල විනාඩියට පතරොම් 100ක් පමණ යවන්න පුළුවන්! මොහුගේ කාමරයේ තිබී මෙවැනි තුවක්කු 23ක් තිබී හමුවුණා! ඔහුගේ නිවසේ තවත් තුවක්කු 19ක් තිබුණා!!! එක පුද්ගලයෙක් සතුව තුවක්කු 42ක් තිබීම මේ රටේ ප්‍රශ්නයක් නොවේ! මොවුන්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තුවක්කු නිදහසේ තියාගන්න නිදහස තියෙනවා! රටේ එම දෙවෙනි වගන්තිය

:       1       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 995 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site