ලෝකයේ මෙතෙක් සොයාගෙන සිටි ඩයිනෝසර් විශේෂයටත් වඩා විශාල ඩයිනෝසර අස්ථි කොටස් හමුවී ඇතැයි ආජන්ටිනාවේ පුරාවිද්‍යාඥයෝ පරිසක් කියති. ඔවුන් පවසන්නේ එරට පැතගෝනියාවේ සිට කිලෝ මීටර 250ක් ඈතින් පිහිටි ලා ෆෙචා නිසරු බිමකින් මේ අස්ථි කොටස් හමුවූ බවයි.
දැනට එම ස්ථානයේ තිබී ඩයිනෝසරයන් හත් දෙනකුගේ යැයි සිතිය හැකි ඉතා හොඳ තත්ත්වයේ පවතින අස්ථි කොටස් 150ක් පමණ සොයාගෙන ඇති අතර එක් කලව අස්ථියක් අධ්‍යයනය කිරීමෙන් තහවුරු කැරගෙන ඇත්තේ එම අස්ථිය අයත් සත්ත්වයා දිගින් මීටර 40ක් හෙවත් අඩි 130ක් පමණ වූ බවයි. උස මීටර 20ක් හෙවත් අඩි 65ක් පමණ වන මේ සත්ත්ව විශේෂය ටොන් 77ක් පමණ බරැති වන්නට ඇතැයි ද පර්යේෂකයන්ගේ මතයයි. වර්තමානයේ ගොඩබිම විශාලතම සත්ත්වයා වූ අප්‍රිකානු අලි 14 දෙනකුට වඩා මේ ඩයිනෝසරයා විශාල විය හැකි බව ද ඔවුන් පවසයි.
නව ඩයිනසෝර් විශේෂය ටිටනසෝර් යනුවෙන් නම්කැර ඇත. මේ දැවැන්තයා පශ්චාත් ක්‍රිටේසීය යුගයේ ජීවත්වන්නට අැති බවත් අදින් වසර මිලිනය 100-95ත් අතර කාලයේ මිහිතලයේ සැරි සරන්නට ඇති බවත් පර්යේෂකයන්ගේ මතයයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ ලෝකය මැවුවා කියන කතාව නවීන විද්‍යාවෙන් බොරු කියලා ඔප්පු කරලා ඉවරයි . (උ)
දෙවියන් විසින් ලෝකය සහ සත්වයන් සියල්ල මැවූ බව පිළිගත් යුගයේදී කොච්චර නම් නව සොයාගැනීම් සහ මතවාද වලට ඉඩක් නැතුව සිටියද? කීදෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙව්වද තම මතවාදය වෙනුවෙන්, ඒ අතින් වර්තමාන ලෝකයේ නව මතවාද වලට පුළුල් ඉඩක් ලැබී තිබීම වාසනාවක්. (අ)
දෙවියෝ ලෝකේ මවල නැහැ. (ස)
දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ,,දෙවියන් මැව්වේ කව්ද කියාලා...මම නම් හිතන්නේ දෙවියන් මැව්වේ ඉන්දියාවේ හිටපු පුජකයන් කියලා (අ)
දෙවියන්ගේ ආරම්භය අහනවා. මෙන්න අපේ මිනිස්සුන්ගේ මොළේ තරම. ආරම්භයක් හා අවසානයක් තියෙන්නේ කාලයට යටත්වන දේවල් වලට පමණයි. කාලය කියන්නෙත් දෙවියන්ගේ මැවීමක් දෙවියන්ගේ මැවීමකට දෙවියන් යටත් වෙන්නේ නැහැ. කාලය දෙවියන්ට බල පාන්නේ නැහැ. එම නිසා දෙවියන්ට ආරම්භයක් හෝ අවසානයක් නැහැ. (ස)
කමල් ඔබගේ කතාව හරි. අනිත් අයට ලොකු ප්‍රශ්නයක් වගේ දෙවියන් ගැන.තමන් අදහන දෙවියෙක්ව අදහගෙන පාඩුවේ ඉන්න. (ස)
මේ හොයා ගත්තේ දෙවියෝ නොවේ. ලොකුම ලොකු නව ඩයිනසෝර් විශේෂයක්... දැන් මෙයාව දාලා ෆිල්ම් එකක් ගහමු. (ස)
දෙවියෝ ලෝකේ මවන්නත් ඉස්සර ඉඳන් මේ ගොල්ලෝ ඉඳලා තියෙනවාලු.(නදී)
මේ ලගදි හොයාගත්ත ග්‍රහලෝක මවන්නේ කව්ද? අන්ධ විශ්වාස තියෙන මිනිස්සුන්ට විද්‍යාව ගැලපෙන්නේ නැහැ.(නදී)