ලොව වයස්ගතම රයිනෝ ලෙස විශ්වාස කරන 57 හැවිරිදි ෆවුස්ටා නම් රයිනෝ ටැන්සානියවේදි මියගොස් තිබේ.
නැගෙනහිර කළු රයිනෝවකු වන ෆවුස්ටා 1965 වර්ෂයේදී ප්‍රථම වරට එන්ගොරොන්ගෝ ආවාටයේදී දර්ශනය වී ඇත.
ඇය අවුරුදු 54 කට වැඩි කාලයක් එම ආවාටය ආසන්න ප්‍රදේශයේ වාසය කළ නමුත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අවසන් වසර කිහිපය අභය භූමියක විශේෂ ප්‍රථිකාර ලබමින් ජීවත් වී ඇත.
ගැහැණු සතකු වන ෆවුස්ටා කිසිදිනක පැටවුන් නොසිටි අතර එය ඇගේ දීර්ඝායුෂ සඳහා හේතු වන්නට ඇතැයි සංරක්ෂකයෝ විශ්වාස කරති.
2016 වසර වනවිට ෆවුස්ටාගේ පෙනීම දුර්වල වෙමින් පැවති බවත් ඇය බොහෝවිට හයිනාවන්ගේ ප්‍රහාර වලට ලක්වූ බවත් සංරක්ෂකයෝ පවසති.
මෙලෙස සතුන්ගේ ප්‍රහාර වලට ලක්වීම හේතුවෙන් ෆවුස්ටාට දරුණු තුවාල සිදුවී ඇති අතර ඒ නිසා ඇය වනයෙන් ඉවත්කර විශේෂ සැලකිල්ලක් යටතේ රැකබලාගෙන තිබේ.
රයිනෝ සතුන් ස්වාභාවික පරිසරයේ අවුරුදු 37 ත් 43 ත් අතර කාලයක් ජීවත් වන අතර වනෝදයාන වල අවුරුදු 50ක් දක්වා ජීවත් වන බව පරිසරවේදීහු සඳහන් කරති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd