IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලොව ඕනෑම ඇමෙරිකන් ඉලක්කයකට ප‍්‍රහාරයක් එල්ල කරන්න අපට පුළුවන්

ලොව  ඕනෑම තැනක සිටින ඇමෙරිකා හමුදා බලඇණියකට පහර දීමට තමන්ට ශක්තියක් ඇතැයි රුසියාවේ සිටින ඉරාන තානාපතිවරයා අනතුරු අඟවයි. ඉරාන තානාපති සයීඞ් මහ්මූද් රේසා මේ බව කියා සිටියේ රුසියාවේ ඉන්ටර්ෆැක්ස් පුවත් ආයතනය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිණි. තම රටට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කරන  ඕනෑම විදේශයකට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට පැකිලෙන්නේ නැතැයි ඉරාන විප්ලවීය හමුදාව ද අනතුරු ඇඟවීමක් කර තිබේ. ඉදිරි මාස කිහිපයේදී ඊශ‍්‍රායලය නිසැකවම ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කරාවි යැයි ඇමෙරිකාව පවසා ඇති අතර රුසියාවේ ඉරාන තානාපතිවරයා අවධාරණය කළේ ඇමෙරිකාවේ ‘උසි ගැන්වීමෙන්’ ඊශ‍්‍රායලය සිදු කරන  ඕනෑම ප‍්‍රහාරයකට තමන් නොබියව මුහුණ දෙන බවය. ඉරානය මේ වනවිටක් තම හමුදා ශක්තිය ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමේ අරමුණින් ගොඩබිම් යුද අභ්‍යාසයක් ද ආරම්භ කර තිබේ. නවීන අවි ආයුධ සහ මිසයිල අත්හදා බලන බව ඉරාන විප්ලවීය හමුදාව පවසයි. ඉරානය මීට පෙර හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැවැත් වූ නාවික අභ්‍යාසය ඇමෙරිකාව, ඊශ‍්‍රායලය ඇතුළු බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් විය. ඉරානය එම නාවික යුද අභ්‍යාස පැවැත්වූයේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් එල්ල වන තර්ජන ගර්ජන හමුවේ තමන්ට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ලෝක තෙල් සැපැයුමට බාධාවක් එල්ල කළ හැකි යැයි පෙන්වීමටය. ඉරානය, ඇමෙරිකාව සහ බටහිර ලෝකයේ උදහසට ලක්වී සිටින්නේ ඔවුන්ගේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන නිසාය.



අදහස් (0)

ලොව ඕනෑම ඇමෙරිකන් ඉලක්කයකට ප‍්‍රහාරයක් එල්ල කරන්න අපට පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site