බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර වෙත ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිබී හමුවූ සිරුරු 39 ය චීන ජාතිකයින්ගේ බව හෙළිවී ඇතැයි වාර්තා වේ.
කාන්තාවන් අටදෙනකුගේ හා පිරිමි පුද්ගලයින් 31දෙනකුගේ සිරුරු රථයේ තිබී හමුවී ඇති අතර මෙම ඝාතනයන්ට සැකපිට ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් මෙම ඝාතන පසුපස සිටින බවට සැකකරන බව බ්‍රිතාන්‍ය අපරාධ පරීක්ෂණ අංශ සඳහන් කරයි.
ඒසෙක්ස් ප්‍රාන්ත පොලිසිය පවසන්නේ ලොරි රථයේ ඉදිරිපස කොටස ඩබ්ලින් සිට වෙල්සයේ හොලිහීඩ් හරහා පසුගිය ඉරිදා දිනයේ රට තුළට ඇතුළු වී ඇති බවයි.
මෙය ඉතිහාසයේ සිදුවූ විශාලම මනුෂ්‍ය ඝාතනය බව ද ඔවුහු සඳහන් කරති.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd