ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර ප‍්‍රංශ තානාපති කාර්යාලයට ඊයේ (23) මරාගෙන මැරෙන කාර් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය.
ප‍්‍රහාරයෙන් තානාපති කාර්යාලයේ මුරට සිටි ලිබියානු හමුදා සෙබළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ලිබියානු නායක කර්නල් ගඩාෆි මරා ඔහුගේ පාලනය අවසන් කිරීමෙන් පසු, ටි‍්‍රපොලි අගනුවර විදෙස් තානාපති කාර්යලයකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ පළමුවතාව මෙයයි. ප‍්‍රහාරයෙන් තානාපති නිලධාරීන්ට කිසිදු අනතුරක් සිදු නොවිණි.
ගඩාෆිගේ පාලනය පෙරළා දැමූ කැරැුලිකරුවන්ට සහාය දුන්නේ ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය සහ ඇමෙරිකාවයි. එම බටහිර රටවල් දුන් ආයුධ බිම තැබීමට ඇතැම් කැරැුලිකාර කණ්ඩායම් කැමැත්ත පළ කර නැත.
ගඩාෆිගෙන් පසු ලිබියාවේ පිහිටුවූ රජයට එරෙහිවත් ලිබියාවේ සිටින විදේශිකයන්ට එරෙහිවත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ ඔවුන්ය. තානාපති කාර්යාලයට එල්ල කළ එම බෝම්බ ප‍්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි මෙතක් හඳුනා ගෙන නැති බව ලිබියානු රජය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.