IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ලෙඩා එළියට ගන්න බිත්තියක් කඩයි

හෘදයාබාධයක් වැළදී මරණාසන්නව සිටි තරබාරු පුද්ගලයෙකු නිවසින් පිටතට ගැනීමට නොහැකි තරම් ශරීර ප‍්‍රමාණයෙන් විශාල වීම නිසා

නිවසේ කොටසක්ද කඩා බිඳ ඔහු ඔසවාගෙන යාමට පස් කපන යන්ත‍්‍රයක සහයද ලබා ගැනීමට ජර්මනියේ රයිග්ල්ස්බර්ග්හි ගිනිනිවීම් භටයන්ට සිදුවිය.

මයිකල් ලෙහ්බර්ගර් නම් වන මේ පුද්ගලයාගේ බර රාත්තල් 63 කි.හෘදයාබාධයක් ඇතිවන්නට යන ලකුණු පහළ වූ හෙයින් හදිසි අනතුරු අංශය ඇමතීය.

හදිසි අනතුරු අංශයේ නිළධාරීන් පැමිණියද මයිකල්ව ඔසවා ගැනීමට තියා ඔහුගේ කාමරයේ දොරෙන් පිටතට ගැනීමටත් නොහැකි විය.

ගිනි නිවීම් භටයන් අවසානයේ මයිකල් පිටතට ගත්තේ නිවසේ බාගයක්ද කඩාබිඳ දැමීමෙනි.මයිකල් එසවීමට නොහැකි තරම් බර වු නිසාවෙන් ඔවුන් පස් කපන යන්ත්‍රයක සහාය ලබා ගත්තේය.

මයිකල් සුවය දැන් ලබමින් සිටියි.

 

 

 

 

 



අදහස් (0)

ලෙඩා එළියට ගන්න බිත්තියක් කඩයි

හෙළයා Saturday, 10 August 2013 10:33 AM

මස් මාංශ කන්නේ නැහැ එත් මිනි මරනවා, අනේ වීර මොලේ තියෙන්නේ කොහේද (අ)

:       0       0

දයා Saturday, 10 August 2013 10:37 AM

වීර බලාගෙන වඩා වෙන්න මොලේ තැලේයි (අ)

:       0       0

රුවන් Thursday, 08 August 2013 11:28 PM

මමත් බරයිනේ රාත්තල් 130ක්ම (නි)

:       0       0

වීර Friday, 09 August 2013 01:35 PM

හසරැල්, මිනිහෙක්ට කරදරයක් වුනාම හිනාවෙන්න එපා. "ඔය වගේ කැත පුරුදු අපි ළඟ නැහැ." (ස)

:       0       0

කසුන් Friday, 09 August 2013 12:09 AM

හරියට හරි වීරේ. අනුන්ගේ ඉතිහාසය වැනසීමට දගලන අයට ඔය දේ වෙන්න පුළුවන්.(නදී)

:       0       0

හෙළයා Friday, 09 August 2013 02:52 AM

වීර, ඔයා ජර්මනියට ලංකාවෙන් වැටකොළු පතෝල ටිකක් යවන්න. මස් මාංශ කන්නේ නැත්නම් මොනවද උන්ට කන්ඩ කියන්නේ.(නදී)

:       0       0

මදූ Friday, 09 August 2013 02:57 AM

කන්න කලින් හිතන්න.(නදී)

:       0       0

බංඩා Friday, 09 August 2013 04:00 AM

අපේ ගෙදර ඉන්න බල්ලත් රාත්තල් 60 බරයි. (නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 09 August 2013 03:29 PM

මයිකල් ලෙහ්බර්ගර් නම් වන මේ පුද්ගලයා අපේ ලංකාවට ඇවිත් මාසයක් හිටියනම් ඇඟ පත අඩුකරගන්න පුළුවන්, අපේ අහේනිය මිනිහට හොඳට වැඩකරාවී. මිනිහට අපේ ජීවන වියදම පෙන්නුවානම් වැඩේ හරි. (ස)

:       0       0

සංගා Friday, 09 August 2013 05:43 AM

හපොයි හපොයි .... (නි)

:       0       0

ජයසේකර Saturday, 10 August 2013 04:47 PM

වැරදි බරක් දමා තිබේ නිවැරදි කරන්න (අ)

:       0       0

උපාලි Friday, 09 August 2013 05:57 AM

බීලද කියල බලන්න ලේ ගත්තට එක රියදුරෙක් නඩු දැම්මලු ලේ වලට වන්දි ඉල්ලලා. මෙයත් නඩු දායිද දන්නේ නැහැ ගේ කැඩුවට. (නදී)

:       0       0

ගිහාන් Friday, 09 August 2013 11:28 PM

අම්මෝ මෙයාගේ සයිස් එක? (නි)

:       0       0

අසේල Friday, 09 August 2013 07:36 AM

අපේ ලංකාවේ තරම් මෝඩ අය කොහෙවත් නැහැ. ඔහෙලා හිතුවද ජර්මනියේ හරක් මරන්නේ ලංකාවේ වගේ කියලා? මෝඩකම තිබුණට එය විදහාපාන්න එපා. ඔහෙලා මස් කන්නේ නැත්නම් නොකා ඉන්න. ඒක ඔහෙලගෙ වැඩක්, හරියට ඔහෙලා කතා කරන්නේ දේවදත්තයෝ වගේ, ඒ වුණාට ඉතින් අපි තමා දන්නේ. අනික මෝඩ මිනිසුනේ, මේ කෙනා කාලා මෙහෙම වු‍ණේ කියලා කිව්වද ඔහෙලා කාට හරි? මේ මනුස්සය මහත් වෙලා ඉන්නේ ලෙඩකට. (නි)

:       0       0

වීර Friday, 09 August 2013 09:32 AM

අසේල,ඔබ මේකේ ඉන්න මහත්මයාගේ පව්ලේ කෙනෙක්ද? (අ)

:       0       0

වීර Friday, 09 August 2013 09:35 AM

හෙළයා නමින් ඉන්න කෙනා මොන ජාතියේද කියලා ඔයාගේ අදහස් වලින් අපි හොදට දන්නවා. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 10 August 2013 02:58 AM

බර රාත්තල් 63යි නම් මේ තරම් ලොකු උනේ කොහොමද ?(නදී)

:       0       0

හසරැල් Friday, 09 August 2013 10:14 AM

මෙතන වීර වගේ බොරුවට අනුන්ට පේන්න දඟලන අයට හොඳ කාටූන් එකක් තියෙනවා අද පත්තරේ (අගෝස්තු 9). මෙතන මේ පුවත කියවල හිනාවක් ගන්නවා මිසක් අනිත් අය ගැන තීන්දු දෙන්න යන්න ඕනේ නෑ අපි. (ස)

:       0       0

චාරුණි Friday, 09 August 2013 11:45 AM

මෙයා බැලුමක් වගේනෙ. මෙච්චර මහත වෙලත් බර රාත්තල් 63යි. මම හිතන්නෙ මෙයාගෙ ඇඟ ඇතුළේ ඇත්තෙ හුලං. (නි)

:       0       0

වීර Thursday, 08 August 2013 09:49 PM

සතුන්ගේ මස් මාංශ කෙළ හලමින් පෙරේතකමින් බුදින අයටත් කවදා හරි ඔය දේ වෙන්න පුළුවන්. (නි)

:       0       0

හසරැල් Saturday, 10 August 2013 10:03 AM

අපි හිනා වෙන්නේ සිද්දිය වෙච්ච කෙනාට නොව වෙච්ච සිද්දියටයි අපි හිනා වෙන්නේ. "අනුන් ගැන තීන්දු දෙන එක" නැවත ප්‍රදර්ශනය කරන හැටි සමහර අය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 873 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site