IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලෝක නායකයන්ගේ වාර්ෂික විවාදය අද ඇරැඹෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී)
 
එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ලෝක නායකයන්ගේ වාර්ෂික විවාදය අද (19) ආරම්භ වීමට නියමිතය.
 
මෙහිදි ලෝක නායකයන් මහ සමුළුව ඇමතීමට නියමිත අතර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශනය කෙරෙහි වැඩි අවධානයක් යොමු ව තිබේ. මෙය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියක් අමතන පළමු අවස්ථායි. 
 
ඇමෙරිකා ජනාධිපතිවරයා සිය දේශනයේදී උතුරු කොරියාව සහ ඉරානය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි පැවසේ. බ්‍රසීල ජනාධිපති මයිකල් ටෙමර්ගේ දේශනයෙන් පසු ඇමෙරිකා ජනාධිපතිවරයා සිය දේශනය පවත්වනු ඇත. ජනාධිපති ට්‍රම්ප්ගේ ‘ඇමෙරිකාව පළමුවෙන්’ ප්‍රතිපත්තිය නිසා ජාත්‍යන්තරය ඔහු ජාතිකවාදියකු හඳුන්වා දී තිබිණි.
 
එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහ මණ්ඩල සැසිය සමාජ ශාලාවක් පෙර අවස්ථාවකදී ඇමෙරිකා ජනාධිපතිවරයා විසින් හඳුන්වා දී තිබිණි. ‘මිනිස්සු එකතු වී කා බී, විනෝද වී යන තැනක්’ යනුවෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා මහ සැසිය හඳුන්වා දී තිබිණි. 
 
මෙවර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය සැසිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ පළමු සැසිය ද වේ. ප්‍රංශ ජනාධිපතිවරයාගේ දේශනය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශනයට හාත්පසින්ම වෙනස් වනු ඇත. 
 
දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා වෙනස් ප්‍රතිපත්තියක් දරන විට දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා ලෝකය එක්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපතිවරයා පවසයි. ‘ඇමෙරිකාව නැවත වරක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු’ යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන වනවිට ‘පෘථිවිය නැවත වරක් ශ්‍රේෂඨත්වයට පත් කරමු’ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා නිරන්තරයෙන් ප්‍රකාශ කරයි. 
 
055



අදහස් (0)

ලෝක නායකයන්ගේ වාර්ෂික විවාදය අද ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 124 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site