සංචාරක ක්ෂේත‍්‍රයට අභ්‍යාවකාශ තරණයත් ඇතුළත් වන දිනය වැඩි ඈතක නොවන සෙයක් පෙනෙන්නට තිබේ.
අන්තර්ජාතික සංචාරක ක්ෂේත‍්‍රයේ දැවැන්තයකු වන ඇමරිකාවේ වර්ජින් සමාගම පසුගියදා අභ්‍යාවකාශ සංචාරයන් වෙනුවෙන්ම නිර්මාණය කළ යානයක් සාර්ථකව අත්හදා බැලීමය.
එම සමාගමේ බළධාරීන් පවසන්නේ 2014 වර්ෂය අවසාන වන විට අභ්‍යාවකාශ තරණයේ යෙදීමට සාමාන්‍ය ජනතාවටත් අවකාශ ලැබෙනු ඇති බවයි.
වර්ජින් සමාගම මීට පෙර දෙවරක් මෙවන් යානා ගුවන් ගත කර අත්හදා බැලීම් සිදුකළ අතර මෙවර වාර්තාගත අඩි 71000 ක් උසකට යානය පියාසර කරවීමට හැකිව ඇතැයි සදහන්වේ.
අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් වර්ජින් සමාගම යානා දෙකක් භාවිතයට ගනී.පළමු යානය හෙවත් මව් යානයේ කාර්ය භාරය වනුයේ ඉහළ අභ්‍යාවකාශයට ඇතුල්වීමට නියමිත දෙවන යානය හැකි තාක් ඉහළට ගෙන යෑමයි.
අනතුරුව පළමු යානයෙන් මිදෙන දෙවන යානය ඉහළ අභ්‍යාවකාශයට ඇතුළු වේ.මේ සදහා එහි සවිකර ඇති රොකට්ටු ආධාර වන අතර අභ්‍යාවකාශයේ සැරිසරා අවසාන වූ පසු එය යළිත් පොළවට ගොඩ බස්වනු ලැබේ.
පළමු ගුවන් යානයට හා දෙවැනි ගුවන් යානයට වෙන් වෙන් වශයෙන් ගුවන් නියමුවන් දෙදෙනා බැගින් අනුයුක්ත කර සිටී.
සාමාන්‍ය ජනතාවට අභ්‍යාවකාශ තරණයට අවකාශ ලැබෙන්නේ යැයි බළධාරීන් පැවසුවත් දැනට ඉදිරිපත් කෙරී ඇති ටිකට්පත් මිල ගණන් පවසනුයේ වෙනත් කතාවකි.එක් ප‍්‍රවේශ පතක් ඩොලර් ලක්ෂ 2 කට (රුපියල් 258 ) ආසන්න මුදලකට මිල කර තිබෙන අතර දැනටමත් ප‍්‍රකට පුද්ගලයෝ කිහිපදෙනෙක්ම ආසන වෙන් කරවාගෙන සිටිති.
COMMENTS
අයියෝ ඕක මොකක්ද ? පොල් ගස් 3 ක ගෙඩි කැඩුවම ගාන හොයා ගන්න පුළුවන්.(නදී)
කෝටියක් විතර පඩියක් හම්බ උනොත් මාත් යනවා (දී)
ඕවා යන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා ලෝකේ අපිට බැරි උනාට (දී)
අපිටත් දවසක ඉර පායාදෝ.... (දී)
මිනිස්සුන්ට යන්න පුළුවන් නම් සාල්ලි තියේ නම් ගියාම මොකද වෙන්නේ (දී)
වර්ජින් සාමාගම බ්‍රිතාන්‍ය සමාගමක්.(නදී)
ඇත්තටම යන්න එන්න රටවල් නැතුව ඉන්න අපේ දේශපාලකයන්ට මෙන්න හොඳම අවස්ථාව ඇවිල්ල. (දී)
සක්වල සවාරියට ලක්ෂ 250 ත් ගානක්ද? දැනටමත් ආසන වෙන් කරගෙන ඇත්තේ අපේ රටේ ප්‍රභූ වරුම වෙන්න ඇති කියලයි මට සැක.(නදී)
මේ ගොල්ලෝ ගියහම සක්වලම තියන්න. නැවත මෙහෙ එන්න බැරි වෙන්න.(නදී)