ඉන්දීය කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ (28) සිදු කෙරුණු අතර එහිදී රාහුල් ගාන්ධි අමාත්‍ය ධූරයක් ලබා ගැනීම නැවතත් ප‍්‍රතික්ෂේප කළ බව අගමැති මන්මොහන් සිං ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය ධූරය ප‍්‍රතික්ෂේප කළ රාහුල් ගාන්ධි (42) ඉන්දීය පාලක පක්ෂය වන කොංග‍්‍රස් පක්ෂයේ මහලේකම් ධූරයේම රැුඳී සිටීමට තීරණය කර ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළේය.
‘‘ගාන්ධිව රජයට සම්බන්ධ කර ගැනීමට මට අවශ්‍ය වුණා. ඔහුට අවශ්‍ය වුණේ පක්ෂය ශක්තිමත් කරන්න’’ යැයි ද අගමැති සිං ප‍්‍රකාශ කළේය. අගමැති මන්මොහන් සිං මේ බව කියා සිටියේ ඉන්දීය ජනපති නිවහන වන රාෂ්ට‍්‍රපති භවන්හිදී නව කැබිනට් අමාත්‍යවරුන් අටදෙනකු දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මීළඟ ඉන්දීය මහා මැතිවරණයට පෙර සිදු කෙරෙන අවසන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙයයි.
2009 වසරේ සිට අවස්ථා ගණනාවකදීම රාහුල් ගාන්ධිව සිය අමාත්‍ය මණ්ඩලයට එක් කර ගැනීමට අගමැති සිං ආරාධනා කළ ද ගාන්ධි ඒ සෑම අවස්ථාවකදීම එය ප‍්‍රතික්ෂේප කළේය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මට දෙන්නකෝ. (නි)
සල්ලිවලට පක්ෂය මාරුකරමින්, ඇමතිකම් ගැනීම වෙනුවෙන් තම ජාතිය ආත්මය පාවාදෙන අපේ රටේ සිටින දේශපාලකයන්ට නම් මෙය මෝඩකමක් විය හැකියි. (නි)
අමතිවරයකුට වඩා පාලක පක්ෂයේ ලේකම් කම හොඳ ඇති. (අ)
මේවා දකිනකොට අපිට අපි ගැන ලොකු දුකක් දැනෙනවා (නි)
අපේ අයට ඇමතිකමක් දෙන්න එන්න කිවුවොත් කොහොමට තියෙයිද? (නි)