රුසියා අගමැති ව්ලැඩිමීර් පුටින් ඝාතන තැතක් ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශ පෙරේදා (27) සමත් විය. අගමැතිවරයා ඝාතනය කිරීමට සැලැසුම් කළේ චෙච්නියා බෙඳුම්වාදී සටන්කාමී කණ්ඩායමක් යැයි රුසියානු ආරක්ෂක අංශ පවසයි. සටන්කාමීන් අගමැතිවරයා ගමන් ගන්නා මාර්ගයක බෝම්බ අටවා ඒවා පුපුරුවා හැරීමට සූදානමින් සිටි බවත් බුද්ධි අංශ ලබා දුන් තොරතුරුවලට අනුව වහා කි‍්‍රයාත්මක වූ පොලිස් නිලධාරීන් එම බෝම්බ සොයා ගත් බවත් වාර්තා වේ. සිද්ධිය ගැන දිගටම පරීක්ෂණ පැවැත්වෙන අතර අගමැතිවරයාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි. සෙනසුරාදා (3) වැනිදා පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින අගමැති පුටින්ට විරෝධය පළ කරමින් විපක්ෂ කණ්ඩායම් රුසියාවේ නගර රැසක විරෝධතා පවත් වන අතර පුටින්ට පක්ෂව ද ජනරැලි පැවැත්වේ. ඉකුත් දෙසැම්බර් මාසයේ දී රුසියාවේ පැවැති මහ මැතිවරණය දූෂිත එකක් බවට විපක්ෂ කි‍්‍රයාකාරීහු අගමැති පුටින්ට චෝදනා කරති. කෙසේ නමුත් ඇමෙරිකාව ප‍්‍රමුඛ ඇතැම් බටහිර රටවල් පවසන්නේ පෙරේදා සිදුවූවා යැයි පැවසෙන එම ඝාතන සිද්ධිය අගමැති පුටින් සහ ඔහුගේ ‘එක්සත් රුසියා’ පක්ෂය, ජනපි‍්‍රයත්වය ලබා ගැනීමේ අරමුණින් ගොතන ලද බොරුවක් බවය. ප‍්‍රතිවාදී කොමියුනිස්ට් පක්ෂය කියා සිටියේ එම ඝාතන සැලැස්ම ජනපති ධුරයට පත් වන්න පුටින් සහ ඔහුගේ පක්ෂය කළ පුංචි උපපර වැට්ටියක් බවය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුසියා අගමැති ඝාතන තැත වරදී