
රුසියනු පාර්ලිමේන්තු මැතිවරණය දින 3 ක් තිස්සේ පැවැත්වුණු අතර 'කොවිඩ් 19' ආසාදිතයකුගේ මුල් පෙළ ආශ්‍රිතයකු වූ බැවින්, ස්වයං නිරෝධායනයට යොමු වී සිටින රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, නිල නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට සිය ඡන්දය ප්‍රකාශ කළේය.
රුසියානු පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ 'දූමා' මන්ත්‍රණ සභාව යනුවෙනි. මහජන නියෝජිතයන් 450 දෙනකු දූමා සභාවට තෝරා පත් කර ගැනීමට මැතිවරණය පැවැත්විණි. තෙදිනක් පුරා පැවැති මැතිවරණ කටයුතු ඊයේ (19) අවසන් විය. මැතිවරණය දින 3 ක් පැවැත් වූයේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් රුසියානුවන්ට තදබදයකින් තොරව ඡන්ද මධ්‍යස්ථාන වෙත යෑමට ඉඩ සලසමිනි.
දේශපාලන පක්ෂ 14 ක නියෝජිතයෝ මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. පුටින් විරෝධී විපක්ෂ දේශපාලන පක්ෂ සහ ඒවායේ නියෝජිතයන් බොහෝ දෙනකුට මැතිවරණයට ඉදිරිපත් වීම අධිකරණ නියෝග අනුව තහනම් කර ඇත.
රුසියන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය, මෙවර මොස්තව් ඇතුළු ප්‍රධාන නගර කීපයක ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කර තිබුණි. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක් භාවිතයට ගැනීම සිදුවූයේ 1993 වසරෙන් පසුව යැයි රුසියන් මාධ්‍ය වාර්තා කළේය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්