IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රුසියානු කතුන්ට අනතුරු ඇගවීමක්

මොස්කව්හිදීය (රොයිටර්)


පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන සමයේදී රුසියානු කතුන් විදේශික පිරිමින් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළැකිය යුතු යැයි රුසියාවේ පවුල්, කාන්තා සහ ළමා කටයුතු සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රධානී ටමාරා ප්ලෙට්නිඕවා පවසයි.


එසේ කිරීමෙන් ඔවුන් පියවරුන් අහිමි මිශ්‍ර ජාතියකට උරුමකම් කියන දරුවන් ලද මවුවරුන් වීමේ වැඩි අවදානමක් ඇතැයි ද ඇය කියයි. එමෙන්ම විදේශිකයන් හා විවාහ වන රුසියානු කාන්තාවන්ගේ විවාහ සබඳතා අවසන් වන්නේ නරක අන්දමට බව ද ඇය කියයි. 


කාන්තාවන් රුසියාව තුළත් විදේශවලත් කිසිදු පිළිසරණක් නැතිව අසරණ වන බවත් ඔවුන්ට ඔවුන්ගේ දරුවන් නැවත ලබාගැනීමට නොහැකි වන බවත් ඇය පවසයි. 


වසර 1980 මොස්කව් හි පැවැති ඔලිම්පික් උලළෙන් පසු “ඔලිම්පික් දරුවෝ” යන නමක් ද රුසියාව තුළ නිර්මාණය විය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ටමාරා ප්ලෙට්නිඕවා ඉහත කරුණු ප්‍රකාශ කළාය. එම කාලයේදී රුසියාව තුළ උපත් පාලනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව නොතිබිණි.


‘ඔලිම්පික් දරුවෝ’යන්න රුසියානු කාන්තාවන් අප්‍රිකා, ලතින් ඇමෙරිකානු හෝ ආසියානු පිරිමින් හෝ සමඟ ලිංගික සබඳතා පැවැත්වීම හේතු කරගෙන ජාත්‍යන්තර ඉසවු පැවැත්වෙන කාලවලදී හෝ ඉන් පසු උපත ලැබූ සුදු සමක් නොමැති දරුවන් හැඳින්වීමට සෝවියට් සමයේදී යොදාගන්නා ලද්දකි. එම දරුවෝ බොහෝමයක් විවිධ වදහිංසාවලට ලක්වූහ.


“අපි උපත දිය යුත්තේ අපේ දරුවන්ට. මිශ්‍ර ජාතියක දරුවෝ විවිධ පීඩාවලට ලක්වුණා. එය සෝවියට් සමයේ සිට සිදුවුණා” යැයි ‘ගොවොරිත් මොස්කවා (මොස්කව්)’ ගුවන් විදුලි මැදිරියේදී ටමාරා ප්ලෙට්නිඕවා පැවැසුවාය. 


“ඔවුන් එක් ජාතිකයන් වීම එක දෙයක්. තවත් ජාතියකින් වීම වෙනත් කරුණක්. මම ජාතිකවාදී නැහැ. එහෙත් එම දරුවන් කොච්චර දුකක් පීඩාවක් විඳිනවද කියලා මම දන්නවා. ඒ දරුවෝ අත්හැරලා දාලා. ඒක තමයි ඇත්ත. සමහර දරුවෝ ඔවුන්ගේ අම්මා එක්ක තනිවෙලා” යැයි ද ඇය කීවාය. 
රුසියානු පුරවැසියන් ජනවර්ගය නොසලකා හැර ආදරය කරලා විවාහා වෙනවට තමන් කැමැති බව ද ඇය කීවාය. “රුසියානු පුරවැසියන් වාර්ගිකත්වය නොසලකා ආදරය කරලා විවාහ වෙනවට මම කැමැතියි” ඇය පැවැසුවාය.

055



අදහස් (0)

රුසියානු කතුන්ට අනතුරු ඇගවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 492 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 469 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site