වගුරුබිම් වල දිරාපත්වන ශාක කොටස් ආශ්‍රයෙන් සමේ නැවුම් බව සදාකාලිකවම ආරක්ෂා කර ගත හැකි බව කියන ආලේපන වර්ගයක් නිපදවීමට අයර්ලන්ත සමාගමක් සමත්ව තිබේ.
සමාගම් ආරංචි මාර්ග වලට අනුව මෙසේ ශාක කොටස් ආශ්‍රයෙන් ආලේපන නිපදවීමට ඔවුන් යොමුවී ඇත්තේ අයර්ලන්තයේ වගුරු බිමක තිබී හොඳින් සංරක්ෂණය වී තිබුණු මිනිස් මළසිරුරක් හමුවීමත් සමගය.
එම මළසිරුර කෙතරම් හොඳින් සංරක්ෂණය වී තිබී ඇත්දයත් බොහෝ දෙනා සිතා ඇත්තේ එම පුද්ගලයා ඉතා මෑතකදී වගුරේ ගිලී මිය යන්නට ඇති බවයි.
නමුත් මළ සිරුර ඇත්ත වශයෙන්ම වසර දස දහස් ගණනක් පැරණි යැයි පසුව කළ පරීක්ෂණ වලින් හෙළිව තිබේ.
සිරුර ඉතා හොඳින් සංරක්ෂණය වී තිබීමට හේතු සොයාබැලු කල්හි අනාවරණයව ඇත්තේ වගුරු බිමේ දිරාපත් වන ශාක කොටස් වල ඇති ඔක්සිහාරක සංයෝගයන් ඊට හේතුවී ඇති බවයි.
මේ කරුණු මුල් කරගෙන එම සංයෝගයන් ආශ්‍රයෙන් නිපදවූ ආලේපනයන් වෙළදපොලට හදුන්වාදීමට මෙම අයර්ලන්ත සමාගම කටයුතු කර තිබේ.ආලේපන නිපදවීම සදහා සියයට සියයක්ම යොදාගෙන ඇත්තේ වගුරු බිම් වල ස්වභාවිකවම දිරාපත් වන ශාක කොටස් යැයි ඔවුන් සහතික කරයි.
අයර්ලන්ත බසින් තරුණ බව හැගවෙන ‘ඔග්රා‘ යන නාමය මෙම ආලේපන වල වෙළද නාමය ලෙස භාවිතා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගම්වල ගොවියෝ වගේම මී හරක් ඉන්නේ මඩේමනේ. බලන්න එපායැ මී දෙනුන්ගේ,මීහරකුන්ගේ රූප ස්වභාවයේ පෙනුම විතරක් (නදී)
ඔය කතාවම අපේ ආච්චිලා සියල අපිට කුඩා කාලේ කියල දුන්න , උඹලට ලස්සන වෙන්න ඕනනම් මද වතුර නාපල්ලා කියල . අපි හිතුවෙම විහිලුවට කිව කියලනේ බලපුවම අපේ පැරැන්නෝ දෙයක් කියන්නේ යමක් දැනගෙන නේද ? (දී)
මමනම් අජරාමර වෙනවා කියුවත් මේ ජරාවැඩේ කරන්නේ නැහැ (දී)
ලස්සන වෙනවානම් ඕන ජරාවක් (දී)
ඉතින් අපේ දේශපාලකයන් මඩ නාන තරමට කොච්චර ලස්සන වෙන්න එපාද ? (නදී)