එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දෙවසරකට වරක් තෝරා පත් කර ගැනෙන නිත්‍ය නොවන සාමාජිකයන් 10 දෙනා අතරට ඇතුළත් වීමට රුවන්ඩාව සමත් වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද බලය හිමි නිත්‍ය සාමාජික රටවල් පහකි. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, රුසියාව හා චීනය වේ. මෙම රටවලට අමතරව ඡන්ද බලය හිමි නොවන සාමාජිකයන් 10 දෙනෙකු තෝරා පත්කර ගැනෙන අතර 2013 - 2014 වර්ෂ සදහා එම අවස්ථාව රුවන්ඩාවටද හිමිව තිබේ. ආරක්ෂක මණ්ඩලය නියෝජනය කිරීමට රුවන්ඩාවට අවසන් වරට අවස්ථාව ලැබුණේ 1994 - 1995 දීය. අසල්වැසි කොංගෝ රාජ්‍යයේ ඇතිව තිඛෙන ගැටුම් වලට සම්බන්ධ යැයි රුවන්ඩාවට චෝදනා නැගෙන්නේ කලක සිටය. කොංගෝ රජය පෙරලා දැමිීමට කොංගෝ හමුදා සමග සටන් වදිනා එම් 23 කැරලිකරුවන්ට රුවන්ඩාවේ සහය ලැඛෙන බවට සාක්කි ඇතැයි ආරක්ෂක විශේෂඥයෝ කියති. රුවන්ඩාව එය ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට රුවන්ඩාව සම්බන්ධ කර ගැනීමෙන් එක්සත් ජාතීන් බලාපොරොත්තු වන්නේ රුවන්ඩාවට එරෙහිව සම්බාධක පැනැවීමට හා යුදමය අතපෙවීම් සිදු කිරීමට අවසරය ලබා ගැනීම විය හැකි බව ඔවුහු මත පළ කරති. (කෝවිගු)
2025 දෙසැම්බර් මස 04
231
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුවන්ඩාව ජගත් ආරක්ෂක මණ්ඩලයට