IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


රබර් තාරාවා බබෙක් වෙයි

බි‍්‍රතාන්‍ය තරුණියක් ලැම්බර්ත් නුවර කිංග්ස් කොලේජ් රෝහල් රථ ගාලෙහි දරුවකු බිහි කළාය. ජෙසිකා වින්ටර් (21) නම් ඇයට කේයි නමින් රාත්තල් 6කුත් අවුන්ස 5 ක පිරිමි දරුවකු ලැබිණි.

ඉතා දරුණු කොන්ද කැක්කුමක් දැණුනු ඇය අළුයම 3 ට පමණ අවදි විය. තම දියණිය ප‍්‍රසූතිය සඳහා සූදාණම් වන බව දැන ගත් ඇගේ මව කි‍්‍රස්ටීන් හා පියා ඩැවෝන් ඇය රෝහලට රැගෙන යන ලදි.

දිග ඇඳුමක් ඇඳ සිටි ඇය වාහනයෙන් බසින අවස්ථාවේ රබර් තාරාවකු දෙපාදයේ ඇතිල්ලෙනවා වගේ දැනුණු බව කියන්නීය. ඒත් සමගම බිළිඳෙක්  හැඬිය. තමා දරුවා බිහි කර ඇති බව දැනගත් ඇය ‘ඔහු මෙහෙට ඇවිත්’ යනුවෙන් කෑ ගැසීය.

ඒත් සමගම ඇගේ පියාගේ දැන්වීමෙන් වෛද්‍යවරු අට දෙනෙක් මිනිත්තු කිහිපයක් ඇතුළත එහි පැමිණියත් ඒ වන විටත් බිළිඳා ඉපදී අවසානය. ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන මවත්, බිළිඳාත් වෛද්‍යවරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව එදිනම නැවත නිවසට පිටත් කර යැවීය.

මේ ආකාරයෙන් එංගලන්ත තරුණියන් කිහිප දෙනෙක්ම නාන කාමරයෙහි, කාරයක, පොලිසියේ වැසිකිළියේ ආදි ස්ථානයන්හි බිළිඳුන් බිහි කළ අවස්ථා වාර්තා වී ඇති අතර එසේ කිරීමට හේතුව තරුණ අවදියේ පසුවන අය දරු ප‍්‍රසූතිය හෝ ගැබිණි සමය පිළිබඳ නිසි අවධානයක් හෝ අවබෝධයක් නොමැති නිසා බව බලධාරීහු චෝදනා කරති.



අදහස් (0)

රබර් තාරාවා බබෙක් වෙයි

හර්ෂ Friday, 10 January 2014 10:31 AM

අනේ වාසනාවන්. පෙර පිනක්.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Thursday, 09 January 2014 05:14 PM

අපේ සමහර අයටත් ඔහොමම වෙනවා. සාක්කියට කුණු බක්කි ,ලඳු කැලෑවල දරු පැටව් දාල යනවා.(නදී)

:       0       0

ජයතිලක Thursday, 09 January 2014 05:22 PM

මාටින්, එංගලන්තයේ අප්‍රිකානු සම්භවයක් ඇති අය බොහෝ සිටිනවා.(අ)

:       0       0

රන්ජනී Friday, 10 January 2014 03:18 AM

මෙහේ අම්මල ලංකාවේ අම්මල වගේ නෙවේ අන්තිම මොහොත දක්වා සාමාන්‍ය විදිහට ඉන්නවා. ළමයා ලැබිල දවසෙන් දෙකෙන් ආපහු සාමාන්‍ය විදිහට ඉන්නවා. මම හිතන්නේ මුල ඉදලම ලැබෙන ප්‍රතිකාර අනුව වෙන්නැති.(නදී)

:       0       0

සියනි Friday, 10 January 2014 11:29 PM

මමද දන්නා විදියට විදේශීය රටවල කාන්තාවන් ගැබිණි අවස්ථාවේදී හොද මානසිකත්වයකින් ඉන්නේ. ඒ වගේම ඔවුන් තුල අනවශ්‍ය බියක් නැහැ ආරම්භයේ සිට ප්‍රසුතිය දක්වාම හොදින් තම එදිනෙදා කටුතුවල යෙදෙනවා මනා සැලසුමක් හා හොද ශකිත්මත් ගතියක් ඔවුන් තුල පිහිටා තිබෙන අතර එය සාමාන්‍ය තත්වයක් ලෙස දකිනවා සමහරු ප්‍රසුති වේදනා දැනුණු විට තනිවම තම වාහනයෙන් ගොස් රෝහල් ගත වෙනවා.(නදී)

:       0       0

රිශාන්ත උඩවත්ත Friday, 10 January 2014 03:19 AM

මේ රටේ ඉන්නේ විවිධ පාට මිනිස්සු නැගෙනහිර ලන්ඩන් වල බහුලව ඉන්නේ ආසියානු සම්භවයක් තියෙන මිනිස්සු. ග්‍රිනිච් පැත්තේ කළු මිනිස්සු. නමත් ඒ හැමෝම බ්‍රිතාන්‍ය ජාතිකයන් නැතුව අප්‍රිකානු ආසියානු කළු සුදු ප්‍රශ්න මෙහෙ ඇතිවෙන්නේ නැහැ. පාටේ වැදගත්කමක් මෙහෙ නැහැ. අගය කලයුත්තේ විනාඩි කිහිපයකින් දොස්තරලා වැඩේ ඉවරකරපු ආකාරයයි. ලංකාවේ නම් ඕක යූ එන් පී කාරයා , දෙමල සිංහලයා මෙකී නොකී නොයෙකුත් ප්‍රශ්න.(නදී)

:       0       0

සරත් Friday, 10 January 2014 12:09 PM

කවුද කියන්නේ ලංකාවේ මේවා වෙන්නේ නැහැ කියලා. මගේ යාලුවෙක් ගේ බිරිඳ දරුවා ප්‍රසුත කලේ ත්‍රී වීල් එකක. වින්නඹු කම කලේ මගේ යාළුවා. (නදී)

:       0       0

කලණි Friday, 10 January 2014 03:48 AM

මාටින් බ්‍රිතාන්‍යයේ ඉන්න ඔක්කොම සුද්දෝ නෙවේ. මෙහෙම දේ වෙන්නේ කළු අයට විතරකුත් නෙවේ.(නදී)

:       0       0

සුජිත් Saturday, 11 January 2014 12:32 AM

කොහොම හරි කමක් නැහැ දෙන්නම් හොදින් නම් එච්චරයි (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 11 January 2014 01:25 AM

දරුවාගේ තාත්තා ගැන මොකුත්ම කියවිලා නැහැ මේ ලිපියේ, දන්නවනේ යුරෝපේ හැටි (දී)

:       0       0

සමන්ත Friday, 10 January 2014 05:35 AM

ලංකාවේ නම් මේ තත්වය ගොඩාක් වෙනස් දරු ප්‍රසුතිය ලං උනාම රෝහල් ගත වීමට අපේ අම්මලා පුරුදු වී සිටි, එය ඉතා හොද වැඩක් (දී)

:       0       0

චන්දරේ Tuesday, 14 January 2014 05:43 AM

සියනි කියන කතාව ඇත්ත.මුළු ලෝකෙම ඔලුවේ කඩා වැටුණ වගේ ඉන්නේ නැතුව මේ කට්ටිය එදිනෙදා වැඩ යහපත් මානසිකත්වයෙන් කරගෙන යනවා(දිල්)

:       0       0

රජීව් Thursday, 09 January 2014 08:57 PM

මවටත් දරුවාටත් දෙවි පිහිටයි.(නදී)

:       0       0

ලාල් නුවර Thursday, 09 January 2014 01:42 PM

ඒ අතින් බලනකොට අපේ රටේ අය ගොඩක් දැනුවත් .(දී)

:       0       0

මාධව Thursday, 09 January 2014 02:32 PM

දරු පැටියා නිරෝගීව ඉන්න එක ගැන සතුටුයි තෙරුවන් සරණයි අම්මාටයි පුංචි පුතාටයි (දී)

:       0       0

මාටින් Thursday, 09 January 2014 02:32 PM

මෙයා අප්‍රිකානු වගේ පේන්නේ (දී)

:       0       0

කලණි Sunday, 12 January 2014 09:19 PM

සියනි, ඔබ කියන කතාව හැමෝටම සාදාරන නැහැ. බටහිර රටවල පාසල් ලමයි පවා ගැබ් ගන්නවා. ඉතින් හිතා ගන්න පුළුවන්නේ මානසිකත්වය හා සැලසුම. බස් එකේ සීට් එකක් වත් දෙන්නේ නැහැ. තනියම රෝහලට යන්නේ උදව්වට කවුරුත් නැති නිසා. අපේ රටේ අය තමන් ගැන පහත ලෙස හිතන එකය් වැරදි.නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

මෝදි ට්‍රම්ප්ට ලියයි
2025 ජනවාරි මස 22 100 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවමින් සුබ පැතුම් එක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ජනපති ට්‍රම්ප්ගෙන් චීනයට නව තීරුබදු
2025 ජනවාරි මස 22 132 0

පෙබරවාරියේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනැවීමට තමන් බලාපොරොත්තු වන බව ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයේ දිවුරුම් දුන් ජොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


නියෝග රැසකට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි
2025 ජනවාරි මස 22 115 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින්, ඇමෙරිකාව ස්වර්ණමය යුගයක් කරා ගෙන යන බවට ප්‍රතිඥා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වැඩ බාර ගනිම


ලෝක නායකයෝ සුබ පතති
2025 ජනවාරි මස 21 249 0

තමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදිහත් වෙනවා යැයි ට්‍රම්ප් දිගින් දිගටම පවසා තිබුණි. රුසියන් ජනාධිපති


ට්‍රම්ප් දිවුරුම් දෙයි
2025 ජනවාරි මස 20 1674 6

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.


ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය ඇරැඹේ
2025 ජනවාරි මස 20 156 0

දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ ගාසා තීරයේ හමාස් සංවිධානයේ නියෝජිතයන් අතරේ ඇතිකරගත් දින 15 ක සටන් විරාමය ඊයේ (19) උදෑසන 8.30 සිට ආරම්භ වි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 481 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 629 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 348 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site