බි‍්‍රතාන්‍ය තරුණියක් ලැම්බර්ත් නුවර කිංග්ස් කොලේජ් රෝහල් රථ ගාලෙහි දරුවකු බිහි කළාය. ජෙසිකා වින්ටර් (21) නම් ඇයට කේයි නමින් රාත්තල් 6කුත් අවුන්ස 5 ක පිරිමි දරුවකු ලැබිණි.
ඉතා දරුණු කොන්ද කැක්කුමක් දැණුනු ඇය අළුයම 3 ට පමණ අවදි විය. තම දියණිය ප‍්‍රසූතිය සඳහා සූදාණම් වන බව දැන ගත් ඇගේ මව කි‍්‍රස්ටීන් හා පියා ඩැවෝන් ඇය රෝහලට රැගෙන යන ලදි.
දිග ඇඳුමක් ඇඳ සිටි ඇය වාහනයෙන් බසින අවස්ථාවේ රබර් තාරාවකු දෙපාදයේ ඇතිල්ලෙනවා වගේ දැනුණු බව කියන්නීය. ඒත් සමගම බිළිඳෙක් හැඬිය. තමා දරුවා බිහි කර ඇති බව දැනගත් ඇය ‘ඔහු මෙහෙට ඇවිත්’ යනුවෙන් කෑ ගැසීය.
ඒත් සමගම ඇගේ පියාගේ දැන්වීමෙන් වෛද්‍යවරු අට දෙනෙක් මිනිත්තු කිහිපයක් ඇතුළත එහි පැමිණියත් ඒ වන විටත් බිළිඳා ඉපදී අවසානය. ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන මවත්, බිළිඳාත් වෛද්‍යවරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව එදිනම නැවත නිවසට පිටත් කර යැවීය.
මේ ආකාරයෙන් එංගලන්ත තරුණියන් කිහිප දෙනෙක්ම නාන කාමරයෙහි, කාරයක, පොලිසියේ වැසිකිළියේ ආදි ස්ථානයන්හි බිළිඳුන් බිහි කළ අවස්ථා වාර්තා වී ඇති අතර එසේ කිරීමට හේතුව තරුණ අවදියේ පසුවන අය දරු ප‍්‍රසූතිය හෝ ගැබිණි සමය පිළිබඳ නිසි අවධානයක් හෝ අවබෝධයක් නොමැති නිසා බව බලධාරීහු චෝදනා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්. පෙර පිනක්.(නදී)
අපේ සමහර අයටත් ඔහොමම වෙනවා. සාක්කියට කුණු බක්කි ,ලඳු කැලෑවල දරු පැටව් දාල යනවා.(නදී)
මාටින්, එංගලන්තයේ අප්‍රිකානු සම්භවයක් ඇති අය බොහෝ සිටිනවා.(අ)
මෙහේ අම්මල ලංකාවේ අම්මල වගේ නෙවේ අන්තිම මොහොත දක්වා සාමාන්‍ය විදිහට ඉන්නවා. ළමයා ලැබිල දවසෙන් දෙකෙන් ආපහු සාමාන්‍ය විදිහට ඉන්නවා. මම හිතන්නේ මුල ඉදලම ලැබෙන ප්‍රතිකාර අනුව වෙන්නැති.(නදී)
මමද දන්නා විදියට විදේශීය රටවල කාන්තාවන් ගැබිණි අවස්ථාවේදී හොද මානසිකත්වයකින් ඉන්නේ. ඒ වගේම ඔවුන් තුල අනවශ්‍ය බියක් නැහැ ආරම්භයේ සිට ප්‍රසුතිය දක්වාම හොදින් තම එදිනෙදා කටුතුවල යෙදෙනවා මනා සැලසුමක් හා හොද ශකිත්මත් ගතියක් ඔවුන් තුල පිහිටා තිබෙන අතර එය සාමාන්‍ය තත්වයක් ලෙස දකිනවා සමහරු ප්‍රසුති වේදනා දැනුණු විට තනිවම තම වාහනයෙන් ගොස් රෝහල් ගත වෙනවා.(නදී)
මේ රටේ ඉන්නේ විවිධ පාට මිනිස්සු නැගෙනහිර ලන්ඩන් වල බහුලව ඉන්නේ ආසියානු සම්භවයක් තියෙන මිනිස්සු. ග්‍රිනිච් පැත්තේ කළු මිනිස්සු. නමත් ඒ හැමෝම බ්‍රිතාන්‍ය ජාතිකයන් නැතුව අප්‍රිකානු ආසියානු කළු සුදු ප්‍රශ්න මෙහෙ ඇතිවෙන්නේ නැහැ. පාටේ වැදගත්කමක් මෙහෙ නැහැ. අගය කලයුත්තේ විනාඩි කිහිපයකින් දොස්තරලා වැඩේ ඉවරකරපු ආකාරයයි. ලංකාවේ නම් ඕක යූ එන් පී කාරයා , දෙමල සිංහලයා මෙකී නොකී නොයෙකුත් ප්‍රශ්න.(නදී)
කවුද කියන්නේ ලංකාවේ මේවා වෙන්නේ නැහැ කියලා. මගේ යාලුවෙක් ගේ බිරිඳ දරුවා ප්‍රසුත කලේ ත්‍රී වීල් එකක. වින්නඹු කම කලේ මගේ යාළුවා. (නදී)
මාටින් බ්‍රිතාන්‍යයේ ඉන්න ඔක්කොම සුද්දෝ නෙවේ. මෙහෙම දේ වෙන්නේ කළු අයට විතරකුත් නෙවේ.(නදී)
කොහොම හරි කමක් නැහැ දෙන්නම් හොදින් නම් එච්චරයි (දී)
දරුවාගේ තාත්තා ගැන මොකුත්ම කියවිලා නැහැ මේ ලිපියේ, දන්නවනේ යුරෝපේ හැටි (දී)
ලංකාවේ නම් මේ තත්වය ගොඩාක් වෙනස් දරු ප්‍රසුතිය ලං උනාම රෝහල් ගත වීමට අපේ අම්මලා පුරුදු වී සිටි, එය ඉතා හොද වැඩක් (දී)
සියනි කියන කතාව ඇත්ත.මුළු ලෝකෙම ඔලුවේ කඩා වැටුණ වගේ ඉන්නේ නැතුව මේ කට්ටිය එදිනෙදා වැඩ යහපත් මානසිකත්වයෙන් කරගෙන යනවා(දිල්)
මවටත් දරුවාටත් දෙවි පිහිටයි.(නදී)
ඒ අතින් බලනකොට අපේ රටේ අය ගොඩක් දැනුවත් .(දී)
දරු පැටියා නිරෝගීව ඉන්න එක ගැන සතුටුයි තෙරුවන් සරණයි අම්මාටයි පුංචි පුතාටයි (දී)
මෙයා අප්‍රිකානු වගේ පේන්නේ (දී)
සියනි, ඔබ කියන කතාව හැමෝටම සාදාරන නැහැ. බටහිර රටවල පාසල් ලමයි පවා ගැබ් ගන්නවා. ඉතින් හිතා ගන්න පුළුවන්නේ මානසිකත්වය හා සැලසුම. බස් එකේ සීට් එකක් වත් දෙන්නේ නැහැ. තනියම රෝහලට යන්නේ උදව්වට කවුරුත් නැති නිසා. අපේ රටේ අය තමන් ගැන පහත ලෙස හිතන එකය් වැරදි.නදී)