ගෙවුණු වසර 5 ක කාලයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිරුවතින් ගැවසෙමින් එම අවස්ථා ඡායාරූපගත කිරීමේද යෙදුණු ප‍්‍රංශ ජාතික කලාකාරිනියක එසේ ගත් ඡායාරූපයන් පොතක් ලෙස පළ කිරීමට කටයුතු කරමින් සිටින්නීය.
එරිකා සිමෝන් නම් වන මැය සාමාන්‍ය නිව්යෝර්ක් නගර වැසියෙකුගේ දෛනික කි‍්‍රයාකාරකම් වල යෙදෙන්නේ ඇඟේ නූල්පටකුදු නැතිවය. ඇය රැකියාවට යන්නේ, වෙළඳපලට යන්නේ, වීදිය දිගේ ඇවිදින්නේ ආදී මේ සියල්ල කරන්නේ නිරුවතිනි.
නිරුවතින් පෙනී සිටීම පසුපස ඇයට අරමුණක්ද තිබේ. විලාසිතා පාරාදීසයක් වන නිව්යෝර්ක් නගරයේ දිනෙන් දින අලූත්වන විලාසිතා ලෝකය හා යාවත්කාල වීමට උත්සාහ කරන නිව්යෝර්ක් වැසියන්ට කඩතුරාවෙන් වැසී ඇති සමාජයේ සැබෑ ස්වරූපය පෙන්වා දීම ඇයගේ උත්සාහයයි.
‘ගොඩක් අය විලාසිතා කරන්න මුදල් වැය කරනවා. නමුත් ඒ අය අමතක කරලා මේ නගරයේම කෑම ඩිංගක් හොයා ගන්න දුක්විදින සියගණනක් දෙනා සිටිනවා කියලා. ඇත්තටම ඇදුම් කියන්නේ විලිවසා ගන්න තියෙන දෙයක් මිස සමාජ තත්ත්වයක් පෙන්වන්න යොදාගතයුතු දෙයක් නොවේය කියලා මා සිතන්නෙ’ ඇය කියයි.
නිරුවත යනු අපට උරුම දෙයක් බව පෙන්වා දෙන ඇය නිරුවතින් ඉපිදෙන මිනිසා වර්තමානයේ හුරුව සිටින අයුරින් ඇදුමින් පැළදුමින් විලිවසාගෙන එය ඇසුරින් තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වීමට උත්සාහ කිරීම අත්හළ යුතු බව පවසයි.පුහු ආටෝපයන්ගෙන් තොරව සරලව ජීවත්වීමෙන් සැබෑ ස්වරූපය සමාජයට පෙන්වීමටත් වැරදි ඇතොත් ඒවා නිවැරදි කරගැනීමටත් අවස්ථාව ලැබෙන බව ඇය පෙන්වයි.
නිරුවතින් ගැවසුනද නගරයේ කිසිවෙකුගෙන් ඇයට මේ දක්වාම කිසිදු ගැහැටක් අත්වී නොමැති බව සඳහන්ය.ඇය පවසන ආකාරයට ඔවුන් තමන්ව උද්යෝගීමත් කරනවා විනා කිසිදු අයුරකින් තමන්ට බාධා වන පරිදි හෝ අපහාසාත්මක ලෙස නොහැසිරේ.
‘මේක සැබෑ නිදහස ගැන අනෙක් අයට කියාදීමට මා ගත් උත්සාහයක්.ඔබ ඔබට දැනට උරුම වෙලා තියෙන පෙනුමින් සෑහීමකට පත්වෙන්න.එය ඔබේ මනසට ලොකු සහනයක් අත්කරදේවි.සමාජය අපේක්ෂා කරන ලෙසට හෝ මාධ්‍ය වලින් පවත්වන සංදර්ශන වලට අනුව හෝ ඇදුම් පැළදුම් ඇඳීම ඔබ කළයුතු නැහැ. සරල වෙන්න. නිදහස් වෙන්න.’ ඇය පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් ඇදුමෙන් සිටීම කිසිම වරදක් නැ එත් ප්‍රශ්නය එය නොවේ. (ත)
ෂා! මේ ක්‍රමයත් නරක නැහැ (නි)
ඒක ඇගේ නිදහස. ඒකට ගරු කරන්න.(හේ)
විකාර වැඩ.(හේ)
මහේෂ්,ඔයාගේ අල්ලපු ගෙදර කෙනා නිරුවතින් ඔයාගේ ගෙදර ඉස්සරහට ආවොත් එතකොටත් ඔයා එයාගේ නිදහසට ගරුකරලා නිකන් ඉන්නවද? (නි)
ඔන්න මේ ගොල්ලන්ට තියෙන දැවෙන ප්‍රශ්න. හරියට අපිට වගේනේ. අනේ වාසනාවන්. (නදී)
මේකේ කමෙන්ට් කරල තියෙන සමහරක් ශිෂ්ඨ උදවිය පින්තූර ටික විතරයි බලල තියෙන්නෙ.විස්තරේ කියවල නෑ.අභිමානවත් මිනිස්සුනෙ අපේ රටේ අය! (බ)
සමාජ අධ්‍යාත්මයෙන් උසස් රටවල් මෙහෙම තමයි උසස් මනසක් තියෙන බුද්ධිමත් මිනිස්සු. ඕවා අපේ රටවලට ගැලපෙන්නේ නැත්තේ ඔය කියන කිසිම දෙයකින්වත් අපේ රටවල් පොහොසත් නැති නිසයි.(නදී)
අද මෙහෙම නම් හෙට කෙසේ වෙමුද ? (නදී)
ලංකාවේ කොච්චර ලින් ගෙම්බෝ ඉන්නවද ?? 1815 ලංකාවේ කාන්තාවන් උඩුකයත් අදින්නේ නැතිව සිටියේ මොකද එදා සිටි පිරිස මනසින් උසස් හැගීම් වලට වහල් නැහැ ඒ වගේම එංගලන්තයේ මුළු ගමක්ම තියෙනවා මේ විදියට ඉන්න මෙතන අදහස් වල තියෙන්නේ එක රාමුවක ඉන්න පිරිසක් හැටියට විතරයි (නදී)
රම්සි නිකන් ඉන්නේ නම් නැහැ තමයි (නදී)
නිදහස රටින් රටට වෙනස් වෙනවා. ලංකාවේ මිනිස්සු ඉන්නේ මානසික හිර කූඩුවල. (නදී)
මිනිසා තිරිසනාගෙන් වෙනස් වීමට එක හේතුවක් තමයි ඇඳුම්. මෙයා තිරිසනෙකුට වඩාත් සමීපයි. කවුරු කොහොම කියූවත් මේක ශිෂ්ටාචාර සම්පන්න දෙයක් නෙමේයි (නදී)
මේක සදාචාර විරෝධි නේද කොහේ වුණත් (දිල්)
නියමයි! (නි)
මම නම් හිතන්නේ මේ අදහස් බෞද්ධ දර්ශනය හා ගැළපෙනබවයි. කෙනෙක් ලැජ්ජා වියයුත්තේ වැරදි කරනවා නම් පමණයි. (නි)
අද කාලේ සමහරු ඇඳුම් ඇන්දත් නැති ගාණටනේ වැඩකරන්නේ (නි)
මෙයා සීතල කාලයටත් මෙහෙමද දන්නේ නැහැ නේද ඉන්නේ? (නි)
මානසික ලෙඩක් වෙන්නැති (දිල්)
ස්ත්‍රී දුෂකයෝ ඒගොල්ලන්ගේ රටවල නැතුව ඇති (නි)
මෙයා යන යන තැන පස්සෙන්ම ගිහින් පොටෝ ගත්තේ කවුද හැබෑටම? (නදී)
පුලුවන් නම් මෙයාට මාසේ දවස් තිහේම ඔය විදියටම වෙන කිසිම දෙයක් අදින්නේ නැතුව ප්‍රසිද්ධියේ ඉන්න කියන්නකෝ බලන්න.(නදී)
අදහස හොඳ වුණත් ප්‍රකාශ කරන්න යොදාගත් මාධ්‍ය තමයි නරක. කොහොම වුණත් අපේ කට්ටිය උණුසුම් රටක සිට සැපට මේක විවේචනය කළාට ශීත රටක ශීත කාලයේ ඇය කරන්නේ දුෂ්කර ක්‍රියාවකි. (නි)
මෙය සමාජයට හිරිහැරයක්. අපි ජීවත් විය යුතු වන්නේ අනුන්ට අපහසුවක් නොවන ලෙසයි. කුඩා ළමුන් ,තරුණ පිරිමින් මේ දිහා බැලීමෙන් ඔවුන්ව වරදට පෙලඔීමට ඉඩකඩ වැඩියි. මෙයා ප්ලේන් එකෙත්, ටැක්සීවලත්, පුටුවලත් මෙහෙම් ඉදගත්තම ඊළගට ඉදගන්න මිනිස්සුන්ගේ ශරීර සෞඛයට ප්‍රශ්න ඇතිවෙන්න බැරිද? (නදී)
ස්වාමිපුරුෂයා නයා කාල දරුවන් දෙන්නාගෙන් එක්කෙනෙක් උකුස්සා අරන් ගිහිල්ලා අනෙකා ගගේ ගිහින් ඔය තරමින් ඉන්නව හොඳටම ඇතී (නදී)
ලාබෙට ප්‍රසිද්ධ වෙන්න හදනවා (බ)
ඉන්දියාවේ නිගන්ඨනාගපුත්‍රලාගෙන් පැවත එන කෙනෙක් වගේ. (නි)
මටත් හිතුනේ මෙයා ඉපදිලා ඇත්තේ සපත්තු අව් කන්නාඩි එහෙම දාගෙනමයි. ඔය තරම් ස්වභාව දර්මය අනුව ජිවත් වෙන්න කැමති කෙනා ඇයි සේරම පහසුකම් තියෙන ගෙයක ජිවත් වෙන්නේ? මේ වගේ රටවල් වල ප්‍රසිද්ධියට සමහරු නොකරන දෙයක් නැහැ (නදී)
මාලි, ඔයාගේ ප්‍රතිචාරයට මගේ ආචාරය ! (නි)
එක අතකට මේකේ වරදක් කියන්නත් බැහැ (නි)
අර ටැක්සි ආසනයේ වෙන කෙනෙක් දැනුවත්ව නම් වාඩිනොවනු ඇති (නි)
ලංකාවේ කට්ටියත් එහෙම හිටියනම් මරේ මරු වැල වැටකුලු පතෝල (ම)
එක අතකට ඒ කාන්තාව හරි (නි)
අපේ රටේ කොච්චර කුහකයෝ ඉන්නවද කියලා උඩ තිබෙන අදහස් වලින් පේනවා. හැමෝම බලන්නේ ඇඳුමෙන් තමාගේ තත්ත්වය පෙන්වන්න හැබැයි ඇතුළ බොල්. (නි)
මෙම පළාත ජිවත් වීමට ඉතා හිතකර රටක් පළාතක් වගේ , මෙම රටවල උපදින්න වාසනා කරන්න ඕනේ (හේ)
උපන්නේ සපත්තු එක්කද? සපත්තුත් ගලවන්න.(හේ)
මොකක්ද මේ ලදරම? (බ)
හිස්වැසුම් ,කරට රෙදි පටි, සපත්තු දාගෙන නිරුවතින් ඉන්නේ කොහොමද? මේකට කියන්නේ අඩනිරුවත. (නි)
ඇයගේ එක ප්‍රතිපත්තියක් අගයන්න ඕන, තමුන්ට ලැබී තිබෙන පෙනුමින් සැහීමකට පත් වෙන්න , ලද දෙයින් සතුටු වෙන්න කියල බුදුන් වහන්සේ වදාළේ ඕක තමයි,අද මිනිස්සු බොහොමයක් ජීවත් වෙන්නේ අනුන්ට වඩා ඉහලින් ඉන්නයි එහෙම නැත්නම් අනුන්ව කොපි කිරීමට යාමයි, සීමාවක් නැතිව මුදල් පසු පස හමා යනවා, සරල වෙන තරමට හිත නිදහස් වෙනවා (බ)
අද කාලේ නව විලාසිතා දිහා බැලුවොත් මේ නිරුවත් විලාසිතාවට දෙවැනි නැහැ නේද? (ත)
හරිම කලාත්මක දෙයක් (ම)
ලංකාවේ හිටියානම් බඩුම තමා, අපේ පලා බබා ලාගෙන්. (නදී)
මට පෙනෙන්නේ මෙයා ඇදුම් විලාසිතා අනවශ්‍ය බව පවසමින් පාවහන් විලාසිතාවන් ප්‍රචාරය කරනවා වගේ. ඒ මොනවා උනත් මේ 21 වෙනි සියවස. (නදී)
පිස්සු චරිත.ලැජ්ජාවක් කියලා එකක් නැද්ද?(හේ)
ඇදුම් විලාසිතාවන්ට විරුද්ධත්වය පාමින් මෙයා මේ කරන්නේ පාවහන් විලාසිතා ප්‍රදර්ශනයක්ද? මේ 21 වෙනි ශතවර්ෂයේ මිනිසාට අදහස් ප්‍රකාශ කරන්න නිරුවතට වඩා ගොඩක් දියුණු ක්‍රම ඕන තරම් තියනවා.(නදී)
අම්මපා මරුනේ! නමුත් ටැක්සියේත් යන්නේ මෙහෙමද? (නි)
ඇදුම් එක්ක ඉපදුන අය මෙයාට විරුද්ධව අදහස් ප්‍රකාෂ කරලා (නදී)
මානසික ලෙඩක්ද කොහෙද.(හේ)
කෙසේවෙතත් ඇය සමාජයට දෙන පණිවිඩය වැදගත්. සරල වන්න නිකරුණේ මුදල් නාස්ති නොකරන්න. අන් අය ගැන සිතන්න (බ)
මෙතන තිබෙන අදහස් වලින් හොදම අදහස සුමුදු හේවගේ ගේ අදහසයි.. නිරුවතින් අයිස් කන්දක් අයින් කරනවා කියන්නේ ඉතින් (නදී)
එතකොට මෙයා ඉපදිලා තියෙන්නෙ සපත්තුයි කණ්ණාඩියි දාගෙනද? (නි)