මහ රැජිනගේ මුණුපුරු  විලියම් සහ කේට් ආදිපාද යුවළගේ කුළුදුල් පුත් ජෝජ් කුමරු බෞතීස්ම කිරීම නිමිත්තෙන් පවුම් 50000 ක් (රු.10700000 පමණ)විටිනා සැමරුම් කාසියක් රාජකීය ටංකනයෙන් නිකුත් කැර ඇත.

රිදී සහ රන් වලින් නිපදවා ඇති මෙම සමරු කාසියේ රාජකීය ආදර්ශ පාඨය සහ වීණා වයන කුමාරයකු වැනි දේව දුතයෝ දෙදෙනෙක් සිටින බි‍්‍රතාන්‍ය රාජකීය ඉතිහාසයේ බෞතීස්මයක් සඳහා නිපදවන ලද පළමු කාසිය බව පැවසේ. මේ සඳහා කේ‍්‍රම්බි‍්‍රජ් ආදිපාද යුවළගේද අනුමැතිය ලැබී ඇත.