IMG-LOGO

2024 ජුනි මස 22 වන සෙනසුරාදා


රාජේශ් ඛන්නා නික්ම යයි

‘අරාධනා’, ‘හාති මෙරේ සාතී’ ‘ආනන්ද්’ සහ අමර් පේ‍්‍රම්’ ආදී අමරණීය බොලිවුඩ් සිනමාපට හරහා පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දයට පත් කළ 70 දශකයේ සුපිරිතරුව රාජේශ් ඛන්නා ඊයේ (18) ජීවිතයෙන් සමු ගත්තේය. පසුගිය මාස කිහිපයේ දැඩි ලෙස ගිලන් ව සිටි ඔහු මිය යන විට 69 වැනි වියෙහි පසු වූයේය. ඔහු මියගියේ මුම්බායි නුවර බන්ද්‍රාහි ඔහුගේ නිවසේ දීය. එම අවස්ථාවේ ඔහුගේ හිටපු බිරිය මෙන්ම ප‍්‍රවීණ බොලිවුඞ් නිළියක ද වන ඩිම්පල් කපාඩියා ද රින්කි, ටිව්ලින්කල් යන දූවරුන් දෙදෙනා සහ බෑණනුවන් වන සුපිරි නළු ආක්ෂේ කුමාර් ද ඔහු අසල සිටියේය. ෆිල්ම්ෆෙයාර් සම්මාන රැසකින් පිදුම් ලැබූ රාජේශ් ඛන්නා උපන්නේ 1942 වසරේ අම්රිත්සාර් නුවරදීය. ඔහුගේ නම වූයේ ජතින් අරෝරාය. පාසල් අවදියේ සිට රංගනයට පි‍්‍රය කළ ඔහු රාජේෂ් ඛන්නා යන නමින් පළමු වරට බොලිවුඞ් සිනමා පටයක රඟපෑවේ 1966 වසරේය. ඒ ‘අක්රිකාත්’ චිත‍්‍රපටයේය. එදා මෙදා තුළ ඔහු රඟපෑ චිත‍්‍රපට ගණන 160 කට ආසන්නය. රජේෂ් ඛන්නාගේ අභාවය බොලිවුඞ් සිනමාවට පමණක් නොව මුළුමහත් ඉන්දියාවටට විශාල පාඩුවක් යැයි ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. 1991 සිට 96 වසර කාලයේ කොංග‍්‍රස් මන්තී‍්‍රවරයකු ලෙස ද රාජේශ් ඛන්නා කටයුතු කර ඇත.රාජේශ් ඛන්නා එදා සහ අද බිරිය සහ දියණියන් සමග,  80 දශකයේ ගත් ඡායාරූපයකි



අදහස් (0)

රාජේශ් ඛන්නා නික්ම යයි

අමිල Thursday, 19 July 2012 09:14 PM

ඔබට සුවබර නින්දක්!

:       0       0

මෙල්බන් Thursday, 19 July 2012 02:38 PM

අයියෝ රාජේෂ් මියදුනාද ????

:       0       0

මධූ Thursday, 19 July 2012 04:01 PM

මරණය කාටත් පොදුයි...නිවන් සුව ලැබේවා....

:       0       0

සල්මන් මස්සිනා Thursday, 19 July 2012 06:11 PM

අයියෝ මේ මගේ යාළුවනේ...මම දැන් මොකද කරන්නේ ....

:       0       0

පිලිපීනෝ Thursday, 19 July 2012 01:21 PM

අයියෝ මගේ ආසම නළුවා............

:       0       0

නිෂාඩ් Friday, 20 July 2012 09:16 AM

සිත් ඇද ගන්නා රංගන ශෛලියකින් යුත් ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මැතිවරණයට AI අපේක්ෂකයෙක්
2024 ජුනි මස 21 1678 3

ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ස්ටීව් ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය සිදු කරන්නේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඔහුගේ රූපය භාවිත


ඩොනල්ඩ් සදර්ලන්ඩ් සමුගනී
2024 ජුනි මස 21 2136 2

හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය රංගන ශිල්පියකු ලෙස සැලකෙන ඩොනල්ඩ් සදර්ලන්ඩ් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස 88 කි.


ඉන්දියාවට බංග්ලාදේශයට මහ වැසි
2024 ජුනි මස 20 135 0

බංග්ලාද්ශයටත් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවලටත් මෝසම් වැසි නොකඩවා ඇද හැලෙයි. මහ වැසි හේතුවෙන්, ගම්මාන රැසක නායයෑම් හටගෙන ඇති අතර, 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්


ඉරාන විප්ලවීය හමුදාව කැනඩා ත්‍රස්ත ලැයිස්තුවට
2024 ජුනි මස 20 1430 3

ඉරාන විප්ලවීය හමුදාව ‘ත්‍රස්තවාදී’ කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇත. කැනඩාව මෙම පියවර ගත්තේ ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත


ජනපති පුටින් වියට්නාමයේ
2024 ජුනි මස 20 212 0

ඇමෙරිකාවට ‘හිසරදයක්’ වෙමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වියට්නාමයේ හැනෝයි අගනුවර බලා පැමිණියේය. රුසියන් ජනාධිපතිවරයාට වියට්නාම රජයෙන් හිම


දෙන්නා රවුමකුත් ගිහිල්ලා
2024 ජුනි මස 20 4447 6

වසර 24 කට පසු, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවුණු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කාරියානු නායකයාට රුසියාවේ නිෂ්පාදිත ‘


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 119 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1410 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3174 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site