බ‍්‍රසල්ස්හිදීය (රොයිටර්)

යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසුව බි‍්‍රතාන්‍යය මත්ස්‍ය සහ අනෙකුත් කර්මාන්තවල තත්ත්ව සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය පිළිබඳව විශේෂ අවධානයකින් යොමුවන බව යුරෝපා සංගමයේ රටවල් නිකුත් කළ ප‍්‍රකාශනයක දැක්වේ.

යුරෝපා සංගමයේ රටවල් 27ක නායකයන් අදාළ ප‍්‍රකාශනය ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. 

ඉරිදා (25) පැවැත්වෙන සමුළුවට පෙර බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ ප‍්‍රකාශනය ඉදිරිපත් කර තිබෙන අතර ජිබ්රාල්ටාව සම්බන්ධයෙන් කිසිදු කරුණක් අඩංගුවව නැතැයි ද වාර්තා වේ.

ලබන ඉරිදා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ ගිවිසුම අනුමත කරගැනීමට නියමිත බව පැවසේ. 

ජිබ්රාල්ටාව සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි විසඳුමක් පිළිබඳව මෙතෙක් කිසිදු සවිස්තර විස්තරයක් හෝ සාකච්ඡුාවක් කර නැති අතර ඉහත සඳහන් කරන ලද ප‍්‍රකාශනයේ ද ඒ පිළිබඳව කිසිවක් සඳහන් වී නැත. බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කි‍්‍රයාවලියේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බව ජිබ්රාල්ටාව පත්ව ඇත.   

055