ගල්ෆ් රටවල යෝජනාවකට අනුව බලතල අත්හල නමුත් දිගටම ජනපති ධුරයේ රැඳී සිටින යේමන ජනාධිති අලී අබ්දුල්ලා සාලේට අවශ්‍ය යුද්ධයක් මිස සාමයක් නොවන බව නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ යේමන ජාතික මානව කි‍්‍රයාකාරිනී තිස් දෙහැවිරිදි ටවාකුල් කර්මාන් පවසයි. කර්මාන් මේ බව කියා සිටියේ පෙරේදා (10) ඔස්ලෝ නුවරදී සිය නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ඔහුට පිරිනැමුණ පදක්කම, සහතික පත‍්‍රය සහ මුදල් ත්‍යාගය ලබා ගත් අවස්ථාවේදීය. කර්මාන් සමඟ අපි‍්‍රකා රටක් වන ලයිබීරියාවේ මානව කි‍්‍රයාකාරිනියෝ දෙදෙනෙක් ද මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූහ. ඉන් එක් අයකු ලයිබීරියාවේ ජනපතිනියයි. වසර ගණනක් තිස්සේ බලයේ රැුඳී සිටින ජනාධිපති සාලේ සාමයට සූදානම් නොවන බවත් දිගටම බලයේ සිටීමට ඔහු යුද්ධය තෝරා ගෙන ඇති බවත් කර්මාන් ප‍්‍රකාශ කළේය. අසල්වැසි ගල්ෆ් රටවල් රාජ්‍ය නායකයන්ගේ ඉල්ලීමකට හිස නමා සාලේ, යේමනයේ උප අගමැති අබ්ද් රාබු මන්සූර්ට බලතල ලබා දුන්නේය. මේ වනවිට විපක්ෂ සාමාජිකයන් ද හවුල් කරගෙන යේමනයට නව කැබිනට් මණ්ඩලයක් ද පත් කොට ඇත. එහෙත් ජනපති සාලේට බලයෙන් ඉවත් වන්නැයි බලකරමින් තවමත් රටපුරා විරෝධතා පැවැත්වෙන අතර සාලේ දිගින් දිගටම එම විරෝධතා මර්දනය කිරීමට ආරක්ෂක අංශ යොදවයි.