යේමනයේ උතුරු දිග හජා පළාතේ කුෂාර් දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 22දෙනෙකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මියගිය අය අතර කුඩා දරුවන් 12දෙනකු ද කාන්තාවන් 10දෙනකු ද සිටින බව සඳහන් වේ.
සිදුවූ අනතුරු වලින් 30දෙනකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ දරුවන් ඇබ්ස් හා සනාහි රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යැවූ බව බලධාරීහු පවසති.
සවුදි ඒකාබද්ධ සංවිධානය විසින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව මාධ්‍ය සඳහන් කර ඇත.
යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් ඉලක්ක කරගෙන 2015 වර්ෂයේ සිට සවුදි ඒකාබද්ධ සංවිධානය මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කරති.
එම ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් ද මියයන නමුත් එය ඕනෑකමින් සිදු කරන්නක් නොවන බව ඔවුහු පවසති.
හවුති කැරලිකරුවෝ 2014 වර්ෂයේ සිට යේමනයේ අගනුවර වන සනා අත්පත් කරගෙන සිටිති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
261
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යේමනයේ ගුවන් ප්‍රහාරවලින් 22දෙනෙක් මරුට