බ්‍රිතාන්‍යයේ කෙන්ට් වරාය අසළින් මතුවී සිටින අතිවිශාල කකුළුවෙකු දැක්වෙන ඡායාරූපයන් පෙළක් ලොව කළඹමින් තිබේ.
ඇතැමුන් මෙය සැබෑ ඡායාරූපයක් බව කියන්නේ වුවත් තවත් අය කියන්නේ මෙය ව්‍යාජ ලෙස නිර්මානය කළ එකක් බවයි.
සත්‍ය හෝ ව්‍යාජ හෝ වේවා වරාය අසළ අති විශාල කකුළුවෙකු සිටිනු එම ඡායාරූපයන්ගේ හොදින් සටහන්ව නම් තිබේ.
මෙවැනි අද්භූත ඡායාරූපයන්ටම වෙන්වූ වෙබ් අඩවියකින් අන්තර්ජාලයට එක්කෙරී ඇති මෙම ඡායාරූපයන් ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්ව ඇත.
ඒවා අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා සදහන් කර ඇත්තේ මේ කකුළුවා සෙළවෙනු පවා තමන් දුටු බවයි.
ලෝකයේ විශාලතම කකුළුවන් යැයි දැනට වාර්තා වන්නේ ජපානයේ මකුළු කකුළුවන් වන අතර ඔවුන් අඩි 12 ක් පමණ විශාලව වැඩේ.


COMMENTS
මකුළුවෝ කකුළුවෝ කරලා පෙන්නන්න පුළුවන්.(හේ)
මුහුද කියන්නේ වි්ශ්මය ජනක දේවල් ගොඩක් තියන තැනක්.(හේ)
මේ ඡායාරූපය ඇත්ත වුවද.... බොරු වුවද....ජනතාව නොමඟ යැවීම වැරදියි.(හේ)
මේක ඇත්ත එකක් වෙන්න බැහැ (නි)
ෆොටෝෂොප් කියන්නේ ඕනෑම දෙයක් රූපකරණය කරන්න පුළුවන් දෙයක් (නි)
නවීන ෆොටෝෂොප් තාක්ෂණය හරහා මෙවැන්නක් නිර්මාණය කළ හැකිවුණත් මුහුද සම්බන්ධව පූර්ණ නිගමනයකට එන්නට නොහැකිය. හේතුව වන්නේ අප විසින් අධ්‍යයනය නොකරන ලද සහ තවමත් පර්යේෂණ මට්ටමේ ඇති ගොඩක් දේවල් මුහුදත් සමඟ තිබිය හැකි නිසාය. (නි)
මුහුද කියන්නේ අද්භූත රහස් ගොඩක් හංගාගෙන ඉන්න තැනක් (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
ඔහොම බොරුකියන එක වැරදියි (නි)