යුක්රේනයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 17 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

යුක්රේන අගනුවර වන කියෙව් ආසන්නයේ පිහිටි වැඩිහිටි නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර ඒ අවස්ථාවේ එහි 35 දෙනකු පමණ සිට ඇතැයි කියති. අනෙක් පිරිස ගින්නෙන් බේරී ඇති බවත් 5 දෙනකු පිළිස්සී රෝහල්ගත කර ඇති බවත් වාර්තාවේ.

අනෙක් සියලු වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් දැඩි සෝදිසියකින් සිටින ලෙස මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරමින් යුක්රේන උප අගමැති ජෙනාඩි සුබ්කෝ පවසයි.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත.

web160529111548-litki-ukraine-fire-2-exlarge-169