
යුක්රේනයේ අගුලු දැමීමට එරෙහිව සිදුකළ විරෝධතාවයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 40 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර සංගම් වල සංවිධායකත්වයෙන් කියෙව් නිදහස් චතුරස්‍රයේ පැවති මෙම විරෝධතාව සඳහා දහස්ගනන් පිරිස් එක්රැස්වී සිටියහ.
විරෝධතාකරුවන් කූඩාරම් ගැසීමට උත්සාහ කිරීමෙන් පසුව කැරලි මර්දන පොලිසිය සහ පෙලපාලිකරුවන් අතර ගැටුම් ආරම්භ විය.
"එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට පහර වැදී ඇති අතර ඔහුට සිහි නැති විය. තවත් නිලධාරීන් 40 දෙනකුගේ පමණ රසායනික ද්‍රව්‍ය වැදීමෙන් ඇස් පිළිස්සි තිබේ." යනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා යුක්රේන ජනාධිපති ව්ලද්මීර් සෙලෙන්ස්කි මහතාගේ රජය විසින් එළඹෙන ජනවාරි මාසයේ සිට දැඩි අගුලු දැමීමක් ප්‍රකාශයට පත්කර තිබේ. පාසැල්, විනෝදාස්වාද මධ්‍යස්ථාන, ආපනශාලා වසා දැමීම සහ මහජන රැස්වීම් තහනම් කිරීම ඇතුළු නව අගුලු දැමීමේ පියවර ජනවාරි 08 වනදා සිට 24 වනදා දක්වා බලාත්මක වන බව රජය නිවේදනය කර ඇත.
යුක්රේනයේ මේ වනවිට 900,000කට අධික පිරිසකට කොරෝනා වැළඳී ඇති අතර 15,480ක් පමණ මියගොස් තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යුක්රේනය අගුලු දැමීමට එරෙහිව ජනතා විරෝධතා