ජර්මනියේ බර්ලින් නුවර හෝටලයක මහල් වල තැන නොතැන නොබලා විනිවිද පෙනෙනා වීදුරු පැනල වලින් ආවරණය කිරීමට ගොඩනැගිලි නිර්මාණකරුවා කටයුතු කර ඇති නිසා දැන් එම හෝටලයේ වැසිකිළියට යෑමට සිදුව ඇත්තේද පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මැදය.

තට්ටු දහයක් තරම් නොඋස් හෝටලයෙන් පිටත සිටින්නන්ට හෝටලේ නවාතැන් ගෙන සිටින්නෝ කරමින් සිටින්නේ කුමක්දැයි යන්න විනිවිද පෙනෙන වීදුරු පැනල වලට පින්සිදු වන්නට හොඳින් පෙනේ.

මෙනිසා ලොකුම ගැටළුව වී ඇත්තේ වැසිකිළියට යාමය.

මෙසේ හෝටලයට විනිවිද පෙනෙනා වීදුරු පැනල සවිකිරීමටද හේතුවක් තිබී ඇත.හෝටලය පිහිටා ඇත්තේ බර්ලින් සත්තු වත්තට යාබදව වන අතර මෙනිසා හෝටලයේ බළධාරීන් සිතා ඇත්තේ හෝටලයේ නවාතැන් ගන්නවුන්ට නොමිලයේම සත්තු වත්ත දැක බලා ගැනීමටද අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙසේ විනිවිද පෙනෙන වීදුරු පැනල සවිකිරීමටය.

සැළසුම වී තිබී ඇත්තේ එක් මහළක පමණක් පැනල සවිකිරීම වුවත් ගොඩනැගිලි නිර්මාපකයා තැන නොතැන නොබලා වීදුරු පැනල සවිකර ඇත.

මෙනිසා හෝටලයට ඇතුළුවන තැන තබා ඇති දැන්වීමකි ‘‘සත්තු වත්තේ වඳුරන් පමණක් නොව වෙනත් අයද ඔබ දෙස බලා සිටින හෙයින් පරිස්සම් වන්න‘‘.