IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මොහොමඩ් අලි අභාවප්‍රාප්ත වෙයි

ලෝකයේ ප්‍රසිද්ධම බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලි අද   (4) අභාවප්‍රාප්ත විය.

ඔහු ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාර්කින්සන් නම් රෝගය නිසා ප්‍රතිකාර ලැබූ ඔහු  ශ්වශන අබාධයකින්ද පෙළුණු බව ද සදහන් වේ.

ඇමෙරිකා  ජාතිකයෙකු වන ඔහුගේ මුල් නම කැෂියස් මාසලස් ක්ලේ ය. පසු කාලීනව කැෂියස් ක්ලේ නම ඉවත් කර මොහොමඩ් අලි නමින් ඉස්ලාම් ආගමිකයෙකු බවට පත්විය.

ඔහු මොහොමඩ් අලි යන නම බොක්සිං ක්‍රීඩාවට උරුම කළේය. ඔහු 1960 දී රෝමයේ ලෝක බොක්සිං ශුරතාවය දිනාගෙන තම අනසක පැතිරවීම ආරම්භ කළේය. එමෙන්ම තවත් අවස්ථා හතරක දී ලෝක බොක්සිං ශුරතාවලි ජයගනිමින් බොක්සිං ලෝකයේ ශ්‍රේෂ්ඨතමයා බවට පත් විය.

තරග 61කින් 56ක් ජයගත් හෙතෙම 1981 දී විශ්‍රාම සුවය විදීමට ක්‍රීඩාවෙන් සමු ගත්තේය.

ඔහු බොක්සිං ශුරයෙකු මෙන්ම වර්ගවාදය වැලැක්වීම සදහා සටන් කළ මානව හිමිකම් ක්‍රියාකරුවෙකු ද විය.   2012 ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරඟාවලිය ආරම්භ කිරීම සඳහා ඔලිම්පික් පහන ද දැල්වීමට ද එක් විය.

ඇමෙරිකා  වියට්නාම් යුද්ධයට සහය පල නොකිරීම හේතුවෙන් ඔහුට සිර දඩුවම් විදීමට ද සිදු වූ අතර ඉන් බොක්සිං ක්‍රීඩාව ද තහනම් වූ හෙතෙම සිර දඩුවමින් නිදහස් වූ පසු නැවත තම කිර්ති නාමය ලබාගැනීමට සටන් කළේය.

ඉන් පසු ඔහු ලොව ප්‍රසිද්ධ තරුවක් වීම සදහා සුවිශේෂී තරග රැසකට සහභාගී විය.

 ලෝක බොක්සිං ශුරයා මිය යන විට වයස 74 පසු කරමින් සිටියේය.

අවසන් කටයුතු ඔහුගේ උපන් නගරය වන ලුයිස්විල් නගරයේදී සිදු වෙනු ඇතැයි සදහන් වේ.'

 



අදහස් (0)

මොහොමඩ් අලි අභාවප්‍රාප්ත වෙයි

මෝහමෙඩ් ෆාරුක් Monday, 06 June 2016 08:50 AM

ස්වර්ගයේ සැතපේවා! (නි)

:       0       0

අර්නෙස්ටෝ Sunday, 05 June 2016 11:53 AM

නුවන්, මමත් ඔබගේ මතයේම සිටිමි. ඔබ ලියූ දේ නියමයි (නි)

:       0       0

ධම්ම Sunday, 05 June 2016 04:22 AM

නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

නුවන් Sunday, 05 June 2016 07:46 AM

සමනලයෙකු මෙන් පාවෙන, මි මැස්සෙකු මෙන් විදින අසහාය බොක්ෂින් සුරයාට සමු දෙමු .(හේ)

:       0       0

අබය Sunday, 05 June 2016 08:34 AM

මුළු ලෝකයම දිග්විජය කළත් ජීවිතය ජයගැනීම ලෙහෙසි නැත... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 135 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1076 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site