IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


මුවාගේ මොළේට චීටාටාවා පරදී

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ ලබන විසි හැවිරිදි සමන්තා පිටෙන්ඩ්රි වනසතුන්ට දක්වන්නේ අසීමිත ඇල්මකි.නිවාඩුවක් ලැබෙන හැම මොහොතකම තමන්ගේ සමීපතම මිතුරු මිතුරියන් කැටුව වනෝද්‍යාන වෙත යාම ඇයගේ විනෝදාංශයයි.

පසුගියදා ඇය දකුණු අප්‍රිකාවේ ලොව සුපතල කෘගර් ජාතික වනෝද්‍යානය වෙත ගියේ ටනිත් හියුමන්, කාමන් ත්වෙල් සහ මිෂෙල් ද ජැගර් යන මිතුරියන් සමඟ වෙනදා මෙන්ම කවදත් දකින්නට ලැබෙන අලි ඇතුන්, සිංහයන්, දිවියන්, සීබ්‍රාවන්, ගිරාෆ් ඇතුළු අනෙකුත් සතුන් දැකගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් එදා සිහිනයකින්වත් දකින්නට නොලැබෙන පුදුමාකාර දර්ශනයක් දැකගැනීමට ඇයට වාසනාව ලැබිණ. 

ඉම්පාලා නම්වූ මුව දෙනක තමන් මරාගෙන කෑමට හඹා ආ චීටා රංචුවකින්  බේරී මහමඟ නවතා තිබු සංචාරක වාහනයක් තුලට රිංගාගොස් තම දිවි ගලවාගත්තාය.

එම වාහනයේ සිටි පිරිසද මහා වනයට පැමිණ සිටියේ සතුන් දැක ගැනීමේ අරමුණෙනි.

කෘගර් මහා වනය මැදදී චීටා රැළක් ඉම්පාලාවන් පසුපස හඹා යනු ඔවුන් දැක තිබේ. පැයකට කිලෝමීටර් 120 වේගයෙන් දිවීමට සමත්කමක් ඇති චීටා  වේගයෙන්ම දිවිය හැකි වන සතා ලෙසට ප්‍රසිද්ධියක් දරයි.

චීටාවන් සහ ඉම්පාලාවන් බොහොගනනක් ඉන්නා අප්‍රිකා වනාන්තරවලදී සිංහයන්, චීටාවන් සහ දිවියන් වැනි මාංශ භක්ෂක සතුන් දඩයමේ යනු මෙන්ම දඩයම් කරනුද දකින්නට ලැබීම එතරම්ම විරල නැත. ඉතින් එදිනද චීටාවන් ඉම්පාලා රංචුව පසුපස එලවා යනු දුටු තමා බලාපොරෙත්තු වෙනදා මෙන්ම චීටාවන් එක ඉම්පාලාවෙකු දඩයම් කරගනු දකින්නටයැයි මේ අපුරු සිදුවීම පිළිබඳව විස්තර කළ සමන්තා  පිටෙන්ඩ්රි පවසා ඇත. 

මේ සිද්ධිය දෙසා බලාසිටි සියලුම දෙනා සිටි වාහන ඉදිරියෙන් ඉම්පාලා රංචුව පැනගියද එක ඉම්පාලාවකු චීටාවන්ට කොටුවී ඇත. එම ඉම්පාලා පසුපස චීටාවන් තිදෙනෙක් පන්නාගෙන ගියද ඉම්පාලාව ක්ෂණිකව ආපසු හැරී වාහන දෙසට දුවන්නට විය. නිමේෂයකින් ඉම්පාලාවා මහපාරට පැමිණ එතන නවතා තිබු වාහනයට රිංගා ගත්ත්තේය. චීටාවන්ගේ අරමුණ ඉටුකරගැනීමට ඉඩක් නොලැබිණි. ස්ථානොචිත ප්‍රඥාවෙන් ක්‍රියාකළ ඉම්පාලාවා තම ජීවිතය බේරා ගත්තේ චීටාවන්ට කොකා පෙනවමිනි. 

බලාපොරොත්තු සුන්වූ චීටාවන් කුසගින්නේ පෙළෙමින් වෙනත් ගොදුරක් සොයා එතැනින් ඉවත්වගිය පසු වාහනයේ සිටි පිරිස ඉම්පාලාවා නැවත වනයට මුදා හළහ.

 



අදහස් (0)

මුවාගේ මොළේට චීටාටාවා පරදී

ආනන්ද ආර් Thursday, 11 July 2013 09:44 PM

මේ සතුන් දිවි රැක ගැනීම පිණිස දිවයන අන්දම ඉතාමත් සංවේදී දර්ශනයක්. මාංශ භක්ෂක සතුන්ට වනයේ අහිංසක සතුන් මරාගෙන කෑම හැර වෙනත් විකල්පයක් නැහැ. නමුත් මෙවැනි දර්ශන දකින මිනිසුන් මෙවැනි අහිංසක සතුන් තුලින් දඩමස් සෙවීම කෙතරම් පිළිකුල් සහගතද? (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 11 July 2013 02:50 PM

පව් කියලා හිතෙනවා පණ බේරා ගැණීමට මුවා පනින පිම්ම දැක්කහම.ලංකාවේ මුවන් නම් සතුරා සමග සටන් වැදීමට අං තට්ටුව උපයෝගී කර ගන්නවා.අප්‍රිකානු මුවන්ට සතුරාගෙන් බේරීම සඳහා ජීවීතාරක්ෂක අං තට්ටුවක් ලබාදීම වනජීවී නිලධාරීන් වහාම පියවරක් ගතයුතු වේ ! (නි)

:       0       0

රූපවතී Thursday, 11 July 2013 02:53 PM

ඉතාමත් දුර්ලභ දර්ශනයක් (නි)

:       0       0

හේමන්ත Thursday, 11 July 2013 03:15 PM

අනේ හරි හොඳ ඉම්පාලා. ආසයි දෙකකම. (අ)

:       0       0

ඉන්දු Thursday, 11 July 2013 11:15 PM

අනේ මට ප්‍රශ්ණයක් ආවා මේක කියවලා. ඉම්පාලා කොහොමද වාහනය ඇතුලට පැන්නේ? දොර ඇරලා තිබුණද? ඇරලා දුන්නද? ජනේලෙන් පැන්නද? එතකොට චීටා යනකන් ඇතුලේ හිටපු අය ඉම්පාලා එක්ක කොහොමද හිටියේ? මට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ප්‍රියා Friday, 12 July 2013 01:05 AM

සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ බායන්ති මච්චුනෝ... " සියලු සත්වයෝ දඬුවමට මෙන්ම මරණයට බිය වෙති ". සම්මා දිට්ඨිය ලැබේවා!( නිවැරදි දැක්ම ) (නි)

:       0       0

සිරිමල් Thursday, 11 July 2013 04:08 PM

මෙය අපුරු සිදුවීමක්. දැකගැනීමට ලැබීම හරිම දුර්ලභ දෙයක්. මෙහි වීඩියෝ පටය මෙතනින් බලන්න. ඔබත් ඒ ගැන සතුටුවනු නොඅනුමානයි. http://www.youtube.com/watch?feature=player_embedded (නි)

:       0       0

නෙත්සිරු Friday, 12 July 2013 02:09 AM

අපේ රටේ මෙහෙම දෙයක් වුනොත් ඉම්පාලා පහුවෙනිදට බයිට් එකට ගන්නවා. ඌට යන්න වෙන්නේ පරලොව.(නදී)

:       0       0

ශානිකා Friday, 12 July 2013 05:16 AM

අපේ අල්ලපු ගෙදර ඉම්පාලාවත් ඔහොම්මමයි .. (නි)

:       0       0

කිත්සිරි Friday, 12 July 2013 07:14 AM

තිරිසන් අපාය කියන්නේ සතර අපා වලින් එකක්. මේක තමයි කියන්නේ එවැනි අපායන් වල සත්වයා නිරන්තර, බියෙන්, තැති ගැන්මෙන්, දුකෙන් (එහෙත් සැපයක් යයි අල්ලාගන) වෙසෙන බව. මෙලොව මනුෂ්‍යයන් වැඩි හරියක් මියගොස් අපාගතවන බව බුදු පියාණන් දෙසා තිබෙනවා. අපි සැප යැයි ගෙන තිබෙන දේ වල දුක්බව සහ නිසරු බව වටහා ගෙන සම්මා දිට්ටියට පත් වීමට උත්සාහ කරමු. (නි)

:       0       0

හේරත් Friday, 12 July 2013 07:21 AM

මට පේන්නේ මේකා ස්ක්‍රී ඉම්පාලාවත්. (නි)

:       0       0

සනත් Thursday, 11 July 2013 05:37 PM

අපේ අයියෙක් වාහනය එලෙවුවා නම් ඉම්පාලාව ගෙදර ගෙනියනවා (නි)

:       0       0

චමී Friday, 12 July 2013 08:45 AM

ශානිකා, ඔයා කියන අල්ලපු ගෙදර ඉම්පාලා පනින්නෙ ඔයාලගෙ ගෙදරට නේද? (නි)

:       0       0

නාලක Thursday, 11 July 2013 01:56 PM

අදට බේරුනාට හිටපන්කෝ තෝව මම ආපහු හොයාගන්න, මුන් ටික ගියාට පස්සේ... කිය කියා චීට ආපසු ගියාලු.... (නි)

:       0       0

නිලන්ත Friday, 12 July 2013 10:08 AM

මේ ලින්ක් එක බලන්න http://www.youtube.com/watch?v=uD6wdrVFc0g (දී)

:       0       0

වරුණ Thursday, 11 July 2013 02:33 PM

එක මුවා පනිනකොට දෙන්නෙක් වෙලානේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතුයි
2024 ජුනි මස 18 224 0

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතු බවත්, ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි චීනය සතු බවත්, ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ස්වීඩන පර


පුටින් උතුරු කොරියාවේ
2024 ජුනි මස 18 1646 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.


මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී
2024 ජුනි මස 18 10199 7

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් ස


කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා
2024 ජුනි මස 17 2903 2

දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ.


ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි
2024 ජුනි මස 17 2489 4

ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගු


ඉන්දියාවේ දුම්රිය අනතුරක්
2024 ජුනි මස 17 1118 0

නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1338 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3060 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2506 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site