පසුගිය සිකුරාදා අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ හෝටලයකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාලි ආරක්ෂක හමුදාව කියයි.
මාලි අගනුවර වන බැමාකෝ හි ‘රැඩිසන් බ්ලූ‘ හෝටලයට පැන පුද්ගලයන් 19 දෙනකු මරා දැමීමේ මෙහෙයුමට දායකත්වය දීම සම්බන්ධයෙන් සැකපිට එම දෙදෙනා අත් අඩංගුවට ගත් බවත් සිද්ධියවූ ස්ථානයේ තිබී හමුවූ දුරකථනයක් මගින් ඔවුන් දෙදෙනා හඳුනාගත් බවත් මාලි හමුදා ප්‍රකාශක පවසයි.
ඔවුන් දෙදෙනා වයස අවුරුදු 30 කට අඩු අය බවත් ඔවුන් සම්බන්ධ වෙනත් තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැති බවත් සීඑන්එන් පුවත් සේවය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd