IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මලාලාගේ හිස්කබලට ටයිටේනියම් තහඩුවක් බද්ධ කිරීමේ සූදානමක්

 

මලාලා දැරිය

 තලේබාන් සටන්කාමීයකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ පාකිස්තාන දැරිය මලාලා යූසෆ්සායිගේ බිඳී ගිය හිස් කබලට ටයිටේනියම් තහඩුවක් බද්ධ කිරීමට බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු සැරසෙති.
පාකිස්තානයේ ස්වාත් නිම්නයේ පදිංචිකාරියක වූ 15 හැවිරිදි මලාලා තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකින් බරපතල තුවාල ලැබුවේ මීට සිව් මසකට පෙරදීය.
තලේබාන් සටන්කාමියා ඇය සොයමින් ඇය අසලට පැමිණ, ඇයගේ හිසට වෙඩි තැබුවේ ඇය පාසල් බස්රියේ අසුන්ගෙන නිවස බලා යෑමට සූදානමින් සිටිද්දීය.
ඉතා අසාධ්‍ය තත්ත්වයක පසුවූ මලාලාට වැඩිදුර ප‍්‍රතිකාර ලබාදෙන්නේ බර්මින්හැම්හි එලිසබත් රැජින රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ය. ඇගේ ප‍්‍රතිකාර සියල්ල සිදුවන්නේ බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙනි. 
ඉදිරි දින 10 ඇතුළතදී අදියර කිහිපයක් යටතේ මලාලාගේ හිසට එම ටයිටේනියම් තහඩුව බද්ධ කිරීමේ සැත්කම සිදු කරන බව විශේෂඥ වෛද්‍යවරු පවසති.
මලාලා, ඇගේ සොයුරන් දෙදෙනා, මව සහ පියා මේ වනවිට පදිංචිව සිටින්නේ බි‍්‍රතාන්‍යයේය. ඔවුන්ට බි‍්‍රතාන්‍ය රජයේ විශේෂ ආරක්ෂාවක් ද හිමිවෙයි.

 

 

හිස් කබලට බද්ධ කරන තහඩුව

 

හිස් කබල බිඳී ඇති අයුරු දැක්වෙන රූප සටහනක්

 



අදහස් (0)

මලාලාගේ හිස්කබලට ටයිටේනියම් තහඩුවක් බද්ධ කිරීමේ සූදානමක්

මාලා Friday, 01 February 2013 12:20 PM

කොහොමද දියුණු වෛද්‍ය විද්‍යාව (ස)

:       0       0

ගාමිණී Friday, 01 February 2013 01:38 PM

ටයිටේනියම් තහඩු ටිකක් අපිටත් එවන්නකෝ, ඔලුව ලොකු අයට බද්ධ කරන්න. (නි)

:       0       0

ඩෑන් Friday, 01 February 2013 02:15 PM

දින කීපයකට‍ පෙර ඇමරිකානු සෙබළෙකුට අත් දෙකම බද්ධ කරලා තිබෙනවා මම දැක්කා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 38 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site