මාලදිවයින් දුපත් රාජ්‍යයේ ඉකුත් සැප්තැම්බර් හත් වැනිදා පැවැති ජනපතිවරණය අවලංගු කිරීමට එරට අධිකරණය පියවර ගැනීමත් සමඟ, අද (19) යළිත් වරක් ජනපතිවරණයක් පැවැත්වෙයි.
|
හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් |
|
අබ්දුල්ලා යෙමීන් |
අද පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේ්ක්ෂකයන් වන්නේ, බලයෙන් නෙරපා දැමූ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්, මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල් ගයුම්ගේ ඥාතියකු වන අබ්දුල්ලා යෙමීන් සහ මාලදිවයිනේ ධනවත්ම පුද්ගලයා වන ව්‍යාපාරික කසීම් ඊබ‍්‍රහීම්ය.
අද පැවැත්වෙන ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවන බව වත්මන් ජනාධිපති වහීඞ් හසන් කියා සිටියේ මීට දින කිහිපයකට පෙරය.
සැප්තැම්බර් 7 පැවැති ජනපතිවරණයේදී, කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වැඩි ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි විය. ජනාධිපති හසන්ට හිමිකර ගැනීමට හැකිවුණේ සියයට 5 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි.
එහි දෙවැනි වටයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, අක‍්‍රමිකතා සිදුවුණු බවට එල්ල වූ චෝදනා හේතුකොට ගනිමින් දෙවැනි වටය පැවැත් වීම අධිකරණ නියෝගයකින් කල් දැමුණි.
මේ අතර, ඉකුත් සතියේ මාලදිවයින අධිකරණයක් කියා සිටියේ සැප්තැම්බර් 7 වැනිදා පැවැති ජනපතිවරණය අවලංගු කරන බවය. ඒ අනුව, යළිත් වරක් අද දිනයේ ජනපතිවරණය පැවැත්වීමට කටයුතු යෙදුණි.
සැප්තැම්බර් 7 ජනපතිවරණයෙන්, ඉදිරියට ආවේ බලයෙන් පහ කරනු ලැබ සිටින හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ය. ඔහු සියයට 45 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත්තේය. දෙවැනි ස්ථානයට පත් වූයේ අබ්දුල්ලා යෙමීන් ය. ඔහුට හිමිවූ ප‍්‍රතිශතය සියයට 25 කි. දෙවැනි වටය පැවැත්වීමට නියමිතව තිබුණේ මොවුන් දෙදෙනා අතරේය.
මොහොමඞ් නෂීඞ්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් බලයට පත් වූයේ 2008 වසරේදීය. ඒ, මාලදිවයිනේ පැවැති පළමු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරණයෙනි. ඒ වනතෙක්ම වසර 30 ක් තිස්සේ බලයේ සිටියේ අබ්දුල් ගයුම්ය.
ඉකුත් වසරේ දී, එනම් 2012 දී නෂීඞ් අධිකරණ විනිසුරුවරයකු සමඟ ගැටුම් ඇති කර ගත්තේය. ජනපති බලතල අයතු ලෙස පාවිච්චි කරනවා යැයි නෂීඞ්ට චෝදනා එල්ල වන්න විය.
එම වසරේ පෙබරවාරි මාසයේ දී ජනතා විරෝධය මැද ආරක්ෂක අංශ සිදුකළ කුමන්ත‍්‍රණයකින් නෂීඞ්ට බලයෙන් ඉවත් වීමට සිදුවිය. නෂීඞ් බලයෙන් ඉවත් වූයේ උප ජනපති ධුරයේ කටයුතු කළ වහීඞ් හසන්ය. ඒ අනුව ඔහු ජනපති ධුරයට පත් වූයේය. එම අවස්ථාවේදී නෂීඞ් චෝදනා කළේ වහීඞ් හසන් කුමන්ත‍්‍රණය කළ තමා බලයෙන් නෙරපා දැමූ බවය.
නෂීඞ් එල්ල කළ එම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ද පැවැත්විණි. එහිදී තහවුරු වූයේ ද නෂීඞ්ගෙන් වහීඞ්ට බලය පැවැරීම නීත්‍යාණුකූලව සිදු වූවක් ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ වලංගු චන්ද දායකයින් ගණන ලක්ෂ තුනටත් අඩුයි. එකේ ලිස්ට් එකත් හදා ගන්න බෑ. අපේ ලංකාවේ හරි ඉන්දියාවේ හරි අඩු ගැනේ බංගලියෙක් හරි ඔය වැඩේට දැම්ම නම් ඒකත් හරියට කර ගන්න තිබුන. (අ)
ලංකාවෙන් උපදෙස් ගත්තනම් ගොඩ.(නදී)
හිටපු ජනාධිපති නෂිද්ට නොඑන්නට කොරපු වැඩක් මේක...(නදී)
අද මැතිවරණය පැවැත්වෙන්නේ නෑ අවලංගුකරලා ඉවරයි. (අ)
මැරුණු අයගේ නම් වලට හොර ඡන්ද දාලා අහුවෙලාලු පළමු ඡන්දය අවලංගු කළේ. මේ සැරේ ඡන්දය දෙන ස්ථාන වරද්දල විතරක් නොවෙයි. සමහර ඡන්ද අපේක්ෂකයන් ලැයිස්තු වලට අත්සන් කරලා නැතිලු. හේතුව ඡන්ද ලැයිස්තු ඒවා පරීක්ෂා කර කියවා බලන්න තරම් කාලයක් නොදී අන්තිම මොහොතේ ඔවුන්ගේ අතට ලැබුනාලු. (ස)
අද නැත. (අ)
රසාදරි ඔයා මාල දිවයිනේ ද ? ආපහු ඡන්දෙ ලබන සෙනසුරදා තියයි.. ඔයා ඡන්දෙ දිලද ? නැත්නම් ලිස්ට් එක හදාගන්න උදව් කරන්න.(නදී)
අද මැතිවරණය අවලංගු කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි .(නදී)
අද මැතිවරණයත් පැවැත්වෙන්නේ නැහැ
අදත් මැතිවරණය අවලංගු කරලා .(අ)
මැතිවරණ දෙපතමේන්තුව හරියට ක්‍රියාකරලා නැහැ. එයාල ඡන්ද හිමි නාමලේඛනයේ ගොඩක් අයගේ ඡන්දය දෙන ස්ථානය වැරදියට දාල තියෙන්නේ. එක නිසා අපේක්ෂකයෝ දෙන්නෙක් ඡන්දය තියෙනවට අකමැත්ත ප්‍රකාශ කරලා නැහැ. මම ඉන්න රෙසොර්ට් එකෙත් ගොඩක් අයගේ ඡන්දය දෙන ස්ථානය වරද්දල. ජනගහනය අපේ ලංකාවේ වගේ ගොඩක් හිටියනම් මෙයාල කොහොම වරද්දයිද. (අ)
රසාදරී ඔයා බොරු කියන්න එපා මුළු ජනගහනය ලක්ෂ තුනයි. (නදී)