IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


මාලදිවයිනේ අතුරු මැතිවරණ දෙකක්

මාලදිවයිනේ පෙරේදා (14) පැවැති අතුරු මැතිවරණ දෙකකින් එරට ජනපති මොහොමඞ් වහීඞ්ගේ නව රජයට හිතවත් දේශපාලන පක්ෂ පහසු ජයක් අත්පත් කර ගත්තේය. පොලිසියත් හමුදාවත් සමඟ එක්වී කුමන්ත‍්‍රණය කර, ජනපති ධුරයේ සිටි මොහොමඞ් නෂීඞ් බලයෙන් නෙරපා, බලය අල්ලා ගත්තේ යැයි චෝදනා ලැබ සිටින වහීඞ්ගේ ජනපි‍්‍රයත්වය උරගා බැලීමක් එම අතුරු මැතිවරණවලින් පෙනී ගිය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. අතුරු මැතිවරණ පැවැත්වුණේ තිමරෆූෂී සහ කෂීඩෝ යන පළාත්වලය. 2009 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මන්තී‍්‍රවරුන් දෙදෙනකුට ඡන්ද පෙස්සම් නිසා ආසන අහිමි වීම අතුරු මැතිවරණ පැවැත්වීමට හේතු විය. තිමරෆූෂී අතුරු මැතිවරණයෙන් ඡන්ද 1,755 ක් දිනා ගනිමින් ජනපති වහීඞ්ගේ රජයේ සන්ධාන පක්ෂයක් වන මාලදිවයින් ප‍්‍රගතිශීලි පක්ෂය ජයග‍්‍රහණය කළේය. හිටපු ජනපති නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට හිමිකර ගැනීමට හැකිවූයේ ඡන්ද 1,327 කි. කෂීඩෝ අතුරු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ වහීඞ්ගේ රජයේ තවත් සන්ධාන පක්ෂයක් වන ජුම්හූරී පක්ෂයි. එම පක්ෂය ලබා ගත් ඡන්ද ගණන 1,107 කි. හිටපු ජනපති නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 784 ක් පමණි.



අදහස් (0)

මාලදිවයිනේ අතුරු මැතිවරණ දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 928 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site