ඇමෙරිකා කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම වෙනුවෙන් හඬ නැගු මාටින් ලුතර් කිං විසින් 1963 දී පවත්වන ලද ‘මට සිහිනක් තිබේ’ නැමැති ඓතිහාසික දේශනය සිදු කොට වසර 50ක සංවත්සරය පසුගියදා පැවැත්විණි.
මාටින් ලුතර් කිං එම දේශනය කළ වොෂින්ටනයේ ලින්කන් චතුරස්‍රයයේදි ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති බරැක් ඔබාමා දේශනයක් පැවැත්වීය. ලුතර් කිංගේ පවුලේ සමාජිකයින් සමඟ ඇමෙරිකානුවන් දහස් ගණනක් ඊට එක් වුහ.
එහිදි මටින් ලුතර් කිංගේ මිනිබිරිය වන පස් හැවිරිදි යොලන්දා රිමිනි කිංග් අසලට ගිය ඔබාමා ඇගෙන් තොරතුරු විමසා ඇය සුරතල් කළේය.
.jpg)
COMMENTS
ඔබාමා අපේ ජනාදිපතිතුමාගෙන් ඉගෙනගෙන තියෙන්නේ.(අ)
මේක රගපෑමක් වෙන්න බැහැ (ස)
ඇමරිකානු ඉතිහාසයේ සදා නොමැකෙන චරිතයක්වූ නොබෙල් සාම තෑග්ගට පවා හිමිකම් කියූ සුප්‍රකට ඇමරිකානු කළු ජාතික සහ ඇමෙරිකානු කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම වෙනුවෙන් හඬ නැගු අයෙකි මාටින් ලුතර් කිං... (නි)
කල්ලා ආවත්-සුද්දා ආවත් සියලු දෙය වෙන්නේ තම රටට වාසි වන අයුරින්.මොකද අප්‍රිකාවෙන් -උතුරු අයර්ලන්තයෙන් ඔහුගේ පැරැන්නන් ආවත් ඔවුන්ට ඇති සෙතක් නැත. මෙය අපේ අයට හොඳ ආදර්ශයකි. (නි)
ඔබාමා කළුම කියන්න බැහැ. අම්මා සුදුයි නේ. (අ)
මගේ සීයාට සිහිනයක් තිබුනා - උත්තරීතර සිහිනයක් ඔබාමා මාමාට සිහිනයක් තියෙනවා - ලොවම බිළි ගන්නා පවුකාර සිහිනයක් (දී)
එයා මේ දේවල් ඉගෙනගත්තේ කාගෙන් වෙන්න පුළුවන්ද? (නි)
මේ ළමයා ළඟ දණ නවන්න තරම් ඔබාමා නිහතමානියි. (ස)
ඔන්න ආදර්ශයට ගන්නවා නම්... (නි)