පුරා වසර 36ක් කුසතුළ තිබූ කළලයක් ඉවත්කළ බව ඉන්දියාවේ වෛද්‍යවරු කණ්ඩායමක් කියති. 1978 දී 24 වැනි වියේ පසු වූ කන්තබායි තක්රි නමැති ඉන්දියා කත ගැබ්ගත් බව දැනගත් පසු ඇය රෝහලක් වෙත ගියාය. වෛද්‍යවරු කියා ඇත්තේ දරු පිළිසිඳගෙන ඇත්තේ ගර්භාෂයෙන් පිටත බැවින් දරුවාගේ ජීවිතය අවදානම් බවයි. ඒ හේතුවෙන් සැත්කමක් කළ යුතුයැයි ඇයට දන්වා තිබිණි. සැත්කමට බිය වූ ඇය රෝහලෙන් පලා ගියාය.
පසුව ඇතිවූ උදරයේ වේදනාවට ඇය මාස ගණනක් වේදනා නාශක බීවාය. පසුව ඇය සිතුවේ තමන් සුවය ලබා ඇති බවයි. දරුවා බිහිවූයේ ද නැත. 60 වැනි වියට එළඹුණු ඇයට ඉවසාගත නොහැකි බඩේ වේදනාවක් ඇතිවූයෙන් යළි රෝහලට ගියාය.
ඇගේ උදරයේ ගෙඩියක් ඇති බවත් එය පිළිකාවක් විය හැකි බවත් වෛද්‍යවරු කීහ. එසේ වුව ද එම්.ආර්.අයි. ස්කෑනින් පරීක්ෂණයකින් හෙලි වූයේ ළදරු ඇටසැකිල්ලක් උදරයේ තිබෙන බවයි. ඉන්දියාවේ නාග්පූර්හි එන්කේපී සෙල්ට් වෛද්‍ය විද්‍යා රෝහලේ දී ශල්‍යකර්මයකින් මේ කලලය ඉවත් කැරිණි.
ශල්‍ය වෛද්‍ය මොහොමඩ් යූනුස් ෂා පවසන්නේ මේ තත්ත්වය මීට වසර 38ට පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ අනුව මෙය ලෝකයේ දීර්ඝත ම කාලයක් ගර්භාෂයෙන් පිටත වූ කලලයක් සිරුරතුළ තබාගෙන සිටි අවස්ථාව ද වෙයි. මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ බෙල්ජියමේ දී ය. ඒ වසර 18ක් පුරා කලලයක් ගර්භාෂයෙන් පිටත තබාගෙන සිටීමෙනි.



COMMENTS
හිතාගන්න බැහැ. එයාට තව දරුවන් ඉන්නවද? (නි)
ආදරණීය දරුවෙක් හා මවක් සංසාර ගතයි ....(දී)
මේක නම් හිතාගන්න බැරි දෙයක් (නි)
විශ්වාස කරන්නත් අමාරුයි (නි)
පුදුමයි, අනතුරක් නොවී ජීවත්වුණ එක (නි)
ඒ කළලයට මට වැඩිය වයසයි. අවුරුදු 36ක් කොහොම තිබුණද මන්දා? (නි)
විශ්වාස කිරීමට අමාරු දෙයක් මේක නම්. (නි)
එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලිකර දෙන්න (නි)
ඇයට තව දරුවන් සිටිනවාද? (නි)
විශාක් , එහෙම වෙන්නේ ශුක්‍රානු සහ ඩිම්බ පැලෝපිය නාලේදී සංසේචනය උනාම කලාතුරකින් යුක්තානුව ගර්භාෂයට නොගොස් නාලයෙන් ඉවතට ලිස්සා යටි බඩේ ඇතුලේ පටකයකට ඇලෙනවා. එතනින් පෝෂණයඋරා ගෙන වැඩෙනවා . නමුත් පුර්ණ දරුවෙක් ලෙස වැඩෙන කම් ඉන්න බැහැ. මෙය භයානක වන්නේ පෙකණිය ඇලුන නුසුදුසු තැනින් රුධිරය වහනය වී මව මිය යාමට පුළුවන් නිසයි. නමුත් මෙම කළලය නම් කරදරයක් නොමැතිව මවගේ සිරුරේම කොටසක් ලෙස වසර 36ක් ම තිබිල. (අ)
පුදුමයි! (නි)