මියන්මාරයේ සිදුවූ නායයෑම්වලින් අඩු ගණනේ 13 දෙනකුවත් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මියන්මාරයේ නැගෙනහිර ජේඩ් (ආභරණ සෑදිමට ගන්නා කොළ පැහැති ගල් විශේෂයක්) පතල් ආශ්‍රිතව ඇතිවූ මෙම නායයෑම් හේතුවෙන් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයිද කියති.
පවතින අධික වැසි හේතුවෙන් අතුරුදන්වූවන් සොයා සිදුකරන මෙහෙයුම්ද ඇන හිට ඇතැයි මියන්මාර් ටයිම්ස් පුවත් සේවය පවසයි.
ආපදාව සිදුව ඇති ප්‍රදේශයේ 100ක පමණ පිරිසක් වැඩකරමින් සිට ඇති බව සිද්ධිය දුටුවකු පවසා ඇත. මේ මාසය මුලදීද එම ප්‍රදේශයේම සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 13 දෙනකු මිය ගොස් ඇත. 2015 වසරේ නොවැම්බර් මාසයේද එම පෙදෙසේම සිදුවූ නායයෑම්වලින් 113 දෙනකු මිය ගියහ.
එම ප්‍රදේශය ලොව ඉතා උසස් තත්වයේ ජේඩ් ඇති බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd