මෙක්සිකෝවේ ප්‍රබල වාමාංශික නායක අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝර් නව ජනාධිපති ලෙස  තේරී පත්වූයේය. 
 
මෙම ඓතිහාසික ජයග්‍රහණය ලැබීමෙන් පසු දිවුරුම් දීමේ උත්සවය මෙක්සිකෝ නගරයේදී පැවැත්විණි.
 
රට තුළ නිදන්ගතව ඇති දරිද්‍රතාවය තුරන් කිරීමටත්,  දශක ගණනාවක් තිබූ විනාශකාරී ආණ්ඩු ක්‍රම වෙනස් කිරීමටත්, ප්‍රභූ පැලැන්තියෙන් රටට වන හානිය වැළැක්වීමටත් පොරොන්දු වෙන බව ජනතාව අමතමින් සිදුකරන ලද කතාවේදී පැවසුවේය.
 
එසේම මතවාදමය වෙනසක් මෙක්සිකෝව තුළ ඇති කිරීමට තමන් බලාපොරොත්තු වන බවද පවසා සිටියේය. 
 
 65 හැවිරිදි ලෝපේස් ඔබ්රාඩෝර්  දශක ගණනකට පසු මෙක්සිකෝවේ බලයට පැමිණෙන පළමු වාමාංශික ජනාධිපතිවරයා වෙයි. 
 
‘‘අපි නව යුගයක් සකස් කළ යුතුයි “ ඔහු ප්‍රතිඥා දෙමින් පැවසුවේය. 
 
(63226 )