IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාධ්‍ය හමුවේ දී බෝම්බ බියක්

ධවල මන්දිරියේ ප්‍රවෘත්ති ලේකම් ජෝෂ් අර්නස්ට් අඟහරුවාදා මාධ්‍ය හමුව පවත්වමින් සිටිය දී බෝම්බ බියක් හේතුවෙන් සියලු මාධ්‍යෙව්දින් ඉවත්කැර ධවල මන්දිරයේ උතුරු කොටස හිස් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු රහස් සේවා පැවසුවේ පස්වරු 1.53 ට මාධ්‍ය හමුව පැවැත්වෙන ශාලාවේ බෝම්බයක් ඇති බවට දුරකතන ඇමතුමක් මෙට්රොපොලිටන් පොලීසියට  ලැබුණු බවයි. මේ ඇමතුම හේතුවෙන් ධවල මන්දිරයේ කොටසක් හිස් කැරිණි. පැයකට පසුව ඇමරිකානු කැපිටල් පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමකින් කියවුනේ ධවල මන්දිරයේ ඩර්ක්සන් සෙනෙට් කාර්යාලයේ ද බෝම්බයක් ඇති බවයි.

ඒ අවස්ථාව වනවිට ධවල මන්දීරයේ ඕවල් කාර්යාලයේ සිටි ජනාධිපති බැරක් ඔබාමා එම ස්ථානයෙන් ඉවත්කැර නැත. ජනාධිපති ආර්යාව වන මිචෙල් ඔබාමා සහ දියණියන් දෙදෙනා වන ෂාෂා සහ මාලියා ද ධවල මන්දිරයේ සිටිය ද ඔවුන් සිටි ස්ථාන වලින් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරින් කටයුතු කැර නැත.

පරික්ෂාවෙන් පසු නැවත ඇරඹි මාධ්‍ය හමුවේදී අර්නස්ට් පවසා ඇත්තේආරක්ෂිත රහස් කටයුතුවල නිරත අයගේ වෘත්තීය නිපුණත්වය අනුව ආරක්ෂාව පිළිබඳ ඔවුන් අවශ්‍ය සියළු තීරණ ගන්නා බව තම විශ්වාසය බවයි. කෙසේ වෙතත් ධවල මන්දිරයේ කොටසක සිටි අය පමණක් ඉන් ඉවත් කලේ ඇයි ද යන්න තවමත් ස්ථිර ලෙස කිව නොහැකි බව ද අර්නස්ට් පවසා ඇත.



අදහස් (0)

මාධ්‍ය හමුවේ දී බෝම්බ බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site