IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මෝදි කාශ්මීර නායකයන් හමුවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජම්මු කාශ්මීර දේශපාලන නායකයන් අතර හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි.

ඉන්දීය මධ්‍යම රජය ජම්මු කාශ්මීරයේ ස්වයං බලතල අහෝසි කිරීමෙන් පසු, අග්‍රාමාත්‍ය මෝදි සහ ජම්මු කාශ්මීර දේශපාලන නායකයන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. ජම්මු කාශ්මීර මුස්ලිම් දේශපාලන නායකයන් නවදිල්ලියට පැමිණියේ අග්‍රාමාත්‍ය මෝදිගේ විශේෂ ඇරැයුමකට අනුවය.

දේශපාලන නාකයන් සහ මෝදි අතර පැය 3 ක් තිස්සේ සාකච්ඡා පැවැත්විණි. භාරතීය ජනතා පක්ෂ නායකයෝ පවා මෙම හමුවට එක් වූහ. ජම්මු කාශ්මීරයේ ප්‍රධාන දාරාවේ දේශපාලන පක්ෂ අටේ නායකයෝ 18 දෙනා මෝදි හමුවීමට පැමිණ සිටියහ. ඔවුන් අතර ජම්මු කාශ්මීරයේ හිටපු මහ ඇමැතිවරු සිවු දෙනෙක් වූහ.

ඉන්දීය මධ්‍යම රජය 370 වැනි වගන්තිය අහෝසි කරමින්, ජම්මු කශ්මීරයට ලබා දී තිබුණු විශේෂ බලතල ඉවත් කිරීමෙන් පසු, ප්‍රාන්තයේ සංවර්ධන කටයුතු කෙසේ සිදුවිය යුතු ද යන්න සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහෙදී සාකච්ඡා කෙරුණි.

මෙම හමුවේ දී 370 වැනි වගන්තිය යළි ස්ථාපිත කරන්නැයි පක්ෂ කීපයක නායකයන් ඉල්ලා සිටියත් එය කිසිසේත් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි යළිත් වරක් කාශ්මීර දේශපාලන නායකයන්ට අවධාරණය කළේ කාශ්මීර ප්‍රාන්තය සමෘද්ධිමත් කිරීමටත්, කාශ්මීර මුස්ලිම් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් කළ හැක්කේ එම ප්‍රාන්තය ඉන්දීය රජය යටතේ පාලනය වන්නේ නම් පමණක් බවය.

ඊට අමතරව කාශ්මීරයේ ඉදිරි මැතිවරණ කටයුතු පැවැත්වෙන ආකාරය සහ බෙදුම්වාදී අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය මෝදි සහ කාශ්මීර දේශපාලනික නායකයන් අතරේ සාකච්ඡා විය. ඉන්දීය මධ්‍යම රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 370 වගන්තිය අහෝසි කරමින්, කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂ බලතල ඉවත් කළේ 2019 අගෝස්තු මාසයේය. 370 වගන්තිය යටතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීර ප්‍රාන්තයට විශේෂිත ස්වයං පාලනයක් හිමිවී තිබුණි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මෝදි කාශ්මීර නායකයන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site