IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැදපෙරදිග විශාලතම දෙව් මැදුර කයිරෝහිදී විවෘත වෙයි

මැදපෙරදිග ඉදිකරන ලද විශාලම දෙව් මැදුර කයිරෝ අගනුවර නැගෙනහිර ප‍්‍රදේශයේදී විවෘත කර ඇත.
 
2016 වර්ෂයේ සිට ඝාතනය වූ 100කට අධික කිතුණුවන් සිහිපත් කරමින් ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසී මහතා විසින් මෙම දෙව් මැදුර ඉදිකර ඇත. 
 
ජනාධිපතිගේ  ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණ‍.
 
මෙම දැවැන්ත දේවස්ථානය ඉදිකිරීම සම්බන්ධයෙන් ඊජිප්තු ජනාධිපති  අබ්දුල් ෆාටා අල් සිසී මහතාට ප්‍රශංසා කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඔහු රට වඩාත්  සවිමත් අනාගතයක් කරා ගමන් කරවන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. 
 
අන්තවාදීන්ගෙන් කිතුණුවන් ආරක්ෂා කරන්නා වශයෙන් ද ඊජිප්තු ජනාධිපතිවරයා පෙනී සිටී.
 
නමුත් රටතුළ කිතුණු ජනයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබෙන බවට ක්‍රියාකාරීන් සහ විචාරකයන් චෝදනා එල්ල කරති.  
 
කිතුණුවන් ඉලක්ක කරගනිමින් පල්ලිය අසළදී සිදුවූ මාරාන්තික බෝම්බ පිපිරීමෙන් පසු ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ අතර මෙම උත්සවය අවස්ථාවේ ද පල්ලිය අසළ ආරක්ෂාව තර කර තිබුණි.
 
(ඒ එෆ් පී ඇසුරෙනි)

 
(63226)



අදහස් (0)

මැදපෙරදිග විශාලතම දෙව් මැදුර කයිරෝහිදී විවෘත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site