ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන 66 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින්, ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පෙරේදා (21) කියා සිටියේ මැද පෙරදිග සාමය උදාකිරීම සඳහා ‘පහසු කෙටි ක‍්‍රම’ නැති බවය. මෙවර මහා මණ්ඩල සැසිවාරයේදී ජනපති ඔබාමාගේ දේශනයට මාතෘකාව වූයේ ඊශ‍්‍රායල/පලස්තීන අර්බුදයයි. පලස්තීනය ජනාධිපති මොහොමඞ් අබ්බාස් මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූයේ පලස්තීනය, ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශ කරන්නැයි එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් කිරීමටය. එහෙත් ජනාධිපති ඔබාමා සිය දේශනයේදී පලස්තීන ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ එම ඉල්ලීම ඉවත් කර ගන්නා ලෙසටය. ජනාධිපති ඔබාමා කළ ඉල්ලීමට පලස්තීන ජනාධිපති අබ්බාස් පිළිතුරක් ලබා දී නැත. මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ ජනපති ඔබාමා, ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් අවස්ථා දෙකකදී හමුවී සාකච්ඡා කළේය. කෙසේ නමුත් ඔබාමාගේ ‘මැද පෙරදිග සාම ප‍්‍රයත්නය’ මේවනවිට ඇමෙරිකා ජනතාවගේ මෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම වන රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේද අප‍්‍රසාදයට හේතු වී ඇත. එය දේශපාලන අර්බුදයක් තෙක් දුරදිග යෑමේ ඉඩක් ඇති බව ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ පවසති. 66 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමඟාමීව ලිබියා අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡාකිහිපයක් පැවැත්විණි. එහිදී ජනපති ඔබාමා, ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් හමුවී ලිබියාවේ අනාගතය ගැන සාකච්ඡා කළේය.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැදපෙරදිගට සාමය උදා කිරීමේ පහසු ක‍්‍රම නෑ