IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මිතුදම් අලූත් කර ගන්න ඉන්දීය සංචාරය උදවු වුණා

ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින මතභේද දුරලා දෙරට අතර මිත‍්‍ර සම්බන්ධකම් ගොඩනගා ගැනීමට තම ඉන්දීය සංචාරය අතිශයින් පලදායී වූ බව පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරී පවසයි. ජනපතිවරයා මෙසේ කියා සිටියේ ඉකුත් ඉරිදා (8) ඉන්දියාවේ එක් දින සංචාරයක යෙදීමෙන් පසුවය. වසර 2005 පසුව පාකිස්තාන ජනාධිපතිවරයකු ඉන්දියාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව වූයේ ද මෙයයි. පෞද්ගලික සංචාරයක් වුව ද එය රාජ්‍යතාන්ති‍්‍රක වශයෙන් ඉතා වැදගත් එකක් වූ බව පාකිස්තාන ජනපති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. ජනපති සර්දාරි ඉන්දියාවට ගියේ සූෆි මුස්ලිම් පල්ලියක් වන්දනාමාන කිරීමටය. ඔහු ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවුණේ ඒ අතරතුරේදීය. පාකිස්තාන ජනපති වෙනුවෙන් අගමැති සිං දිවා භෝජන සංග‍්‍රහයක් ද පැවැත්වීය. එම අවස්ථාවේදී පාකිස්තානයට එන්නැයි ජනපති සර්දාරි ඉන්දීය අගමැතිවරයාට ඇරැයුම් කළේය. එම සංචාරය අසල්වැසි පසමිතුරු රටවල් දෙක අතර මිත‍්‍ර සම්බන්ධතා ගොඩ නගා ගැනීමට පිටුවහලක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉන්දියාවත් පාකිස්තානයත් අතර හොඳ හිත පළුදු වූයේ, 2008 වසරේ පාකිස්තාන ඉස්ලාමීය සටන්කාමීන් ඉන්දියාවේ මුම්බායි නුවරට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසුවය. එම ප‍්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප‍්‍රහාරය සිදු කළේ පාකිස්තානයේ කි‍්‍රයාත්මක ලෂ්කාර් ඊ තයිබා නමැති සටන්කාමී සංවිධානය යැයි චෝදනා එල්ල වී ඇති අතර එම සටන්කාමීන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන්නැයි ඉන්දීය රජය පාකිස්තානයෙන් ඉල්ලා සිටියි. මේ අතර ලෂ්කාර් ඊ තයිබා සංවිධානයේ නිර්මාතෘ හෆීස් මොහොමඞ් සයීඞ් මරා හෝ පණ පිටින් හෝ අල්ලා දෙන අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකා රජය පවසා ඇත. අල් කයිඩා හෝ තලේබාන් සටන්කාමී නායකයන් මෙන් නොව, හෆීස් මොහොමඞ් සයීඞ් ප‍්‍රසිද්ධියේ පෙනී සිටිමින් දේශපාලන රැලි පවා පවත්වයි. පාකිස්තාන රජය පවසන්නේ සයීඞ්ට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම් ඒවා ඔප්පු කිරීමට ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවය. සයීඞ්, මරා හෝ පණ පිටින් අල්ලා දෙන අයකුට ඇමෙරිකන් ඩොලර් ලියන 10 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකාව ප‍්‍රකාශ කිරීමත් සමඟ පාකිස්තාන වැසියෝ ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වූහ.



අදහස් (0)

මිතුදම් අලූත් කර ගන්න ඉන්දීය සංචාරය උදවු වුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1105 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1128 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site