කුණාටු සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මැඩගස්කරයේ 17දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මෙම සුළි කුණාටුව එළියාකිම් ලෙස හඳුන්වා ඇති අතර  පැයට කිලෝමීටර් 85ක පමණ වේගයෙන් සුළං හමා ගිය බව කාළගුණ අංශ පවසයි. 


6000ක පමණ පිරිසක් අවතැන් වී ඇති බවත් බොහෝ අළාභ හානි සිදුවී ඇති බවත් පැවසේ. 


පසුගිය ජනවාරි මාසයේ ද මැඩගස්කරය හරහා හමාගිය සුළි මෙවැනිම සුළි කුණාටුවක් හේතුවෙන් 51දෙනකු මියගිය බව වාර්තා විය.



(රොයිටර් ඇසුරිණි - 085)