මැටි වලින් පිරුණු ආවාටයක ගිලී ඉතාම හොදින් සංරක්ෂණයව තිබියදී හමුවුනු මිනිස් මොළයක හිමිකරු අදින් වසර 2600 කට පෙර කාලයකදී ජීවත්ව සිටි පුද්ගලයෙකු බව සොයාගැනීමට බි‍්‍රතාන්‍යය පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබේ.
මෙම මිනිස් මොළය සොයාගැනීම සිදුවූයේ 2009 වසරේදීය.බි‍්‍රතාන්‍යයේ යෝරක් ප‍්‍රදේශයේ කැණීම් කටයුතු වල නිරතව සිටි පර්යේෂකයින්ට මැටි වලින් පිරුණු ආවාටයක තිබී හිස්කබලක් හා එයට සම්බන්ධව තිබූ කෂේරුකා කිහිපයක් හමුවූ අතර ඔවුන් පුදුමයට පත්කරවමින් එම හිස්කබලේ මොළයද රැදී තිබුණේ ඉතාම හොදින් සංරක්ෂණයවය.
ඕනෑම සජීවී දෙයක් ජීර්ණය වීමට බැක්ටීරියා කි‍්‍රයාකාරීත්වයට අවශ්‍ය පරිසරය තිබිය යුතුය.නමුත් මෙහිදී මොළය මඩෙන් ආවරණයව තිබීම නිසා බැක්ටීරියා කි‍්‍රයාකාරීත්වයට අවශ්‍ය පරිසරයක් තිබී නොමැති ලකුණු පෙනෙන බව පර්යේෂකයින් පවසයි.
කාබන් දත්ත පරීක්ෂාවෙන් මෙම මොළයේ වයස තීරණය කිරීම සිදුව තිබේ.
හිමිකරුගේ මරණය සිදුව ඇති ආකාරය ගැනද අදහස් පළකරන පර්යේෂකයින් හිස්කබල හා සම්බන්ධවී තිබූ කෂේරුකා වල සටහන්ව තිබෙන කැපුම් වලට අනුව ගෙළ ප‍්‍රදේශයෙන් පිහි පහරක් එල්ලව ඇති සෙයක් පෙනෙනා බව කියයි.එවන් තුවාළයකින් සිදුවන රුධිර වහනය ක්ෂණික මරණයක් අත්කරදෙන්නකි.
මේ සියල්ලට වඩා පර්යේෂකයින්ගේ අවධානය දිනා ගැනීමට හැකිව තිබෙන්නේ ඉතාම සංවේදී අවයවයක් වන මිනිස් මොළය මේ සා කාලයක් සංරක්ෂණවය තිබීම ගැනය.මිනිස් සම පවා ඉතාම ඉක්මනින් දිරා යද්දී මොළය වැනි අවයවයක් මේ තරම් කාලයක් පැවතීම ඇත්තෙන්ම ප‍්‍රාතිහාර්යයකට නොඅඩුදෙයක් බව ඔවුන්ගේ අදහසයි.
2025 නොවැම්බර් මස 04
275
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2113
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැටි වළේ මොළේ හොඳින් රැකේ
අසංක Tuesday, 10 March 2015 11:53 AM
සමහරුන්ට මිනිස් සිරුර ගැන හරි අවබෝධයක් නැහැ වගේ. දිව තමා මිනිස් සිරුරේ තිබෙන ශක්තිමත්ම මාංශපේශිය (නි)
ජගත් ෆෙර්ණෑන්ඩු Wednesday, 11 March 2015 04:51 PM
විශ්වයේ කිනම් හෝ පිරිසිදුම දහමක් තැන්පත්ව ඇති මොලය විශ්වයේ විශ්ව ශක්තිය විසින් ආරක්ෂා කරනු ඇත (නදී)
ගයාන් Tuesday, 10 March 2015 04:45 PM
බුදුදහම ගැන හිතන්න හොඳම අවස්ථාවක්. (නි)
කිත්සිරි Monday, 09 March 2015 03:07 AM
බුදු හිමි වැඩ සිටියත් ප්‍රත්‍යන්ත ජනපදයක වාසය කිරීම නිසා, බුදු බණ ඇසූ සංඥා ඔය මොළයේ නැතුව ඇති. (නි)
ගමගේ Wednesday, 11 March 2015 01:59 AM
මීටපස්සේ මැටි මොළේ කියන වචනය භාවිතා නොකර ඉන්න මම තීරණය කළා (නි)
කාංචනා කොඩිතුවක්කු Wednesday, 11 March 2015 05:33 AM
මොළේ මැටි තිබුණාම අප්සෙට් වුණාට මැටි ඇතුලේ මොළේ තියෙන එක නරක නෑනේ (දිල්)
ලක්සිරි Saturday, 07 March 2015 08:10 PM
බුදුන් වහන්සේ සිටි කාලයේ සිටි කෙනෙක් වගේ (දිල්)
වසන්ත Thursday, 12 March 2015 06:02 AM
අපේ ලොකු ලොක්කන්ගේ මොලත් මැටි වලවල් වල තැන්පත් කොලොත් හොදයි නේද. (හේ)
පියල් රොහාන් Tuesday, 10 March 2015 08:20 AM
සම, කෙස් වාගේ දේවලුත් දිරලානේ. මොලය වගේම සියුම් දෙයක්නේ දිව. එ්කත් දිරල නේද? (නදී)
සුමුදු Thursday, 12 March 2015 09:49 PM
අමුතුවෙන් මැටි වළවල තැන්පත් නොකළාට ලොකු ලොක්කන් බහුතරයකගේ මොළ වල තියෙන්නෙම මැටි තමයි වසන්ත. ඒවා තනිකරම මැටි කළ. (නි)
පියල් රොහාන් Tuesday, 10 March 2015 08:22 AM
දිව, සම මොළය වගේම සියුම්. ඉතින් කෙහොමද දිරන්නේ නැතුව තියෙන්නේ ? (නදී)
දුමින්ද Monday, 09 March 2015 08:00 AM
මොලේ නොදිරා ඇස්, කෙස් ,මස්,සම දිරුවේ කොහොමද (නදී)
විද්‍යා Tuesday, 10 March 2015 09:31 AM
මැටි මොලේ කියන්නේ නිකන්ද? (ම)