මැටි වලින් පිරුණු ආවාටයක ගිලී ඉතාම හොදින් සංරක්ෂණයව තිබියදී හමුවුනු මිනිස් මොළයක හිමිකරු අදින් වසර 2600 කට පෙර කාලයකදී ජීවත්ව සිටි පුද්ගලයෙකු බව සොයාගැනීමට බි‍්‍රතාන්‍යය පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබේ.
මෙම මිනිස් මොළය සොයාගැනීම සිදුවූයේ 2009 වසරේදීය.බි‍්‍රතාන්‍යයේ යෝරක් ප‍්‍රදේශයේ කැණීම් කටයුතු වල නිරතව සිටි පර්යේෂකයින්ට මැටි වලින් පිරුණු ආවාටයක තිබී හිස්කබලක් හා එයට සම්බන්ධව තිබූ කෂේරුකා කිහිපයක් හමුවූ අතර ඔවුන් පුදුමයට පත්කරවමින් එම හිස්කබලේ මොළයද රැදී තිබුණේ ඉතාම හොදින් සංරක්ෂණයවය.
ඕනෑම සජීවී දෙයක් ජීර්ණය වීමට බැක්ටීරියා කි‍්‍රයාකාරීත්වයට අවශ්‍ය පරිසරය තිබිය යුතුය.නමුත් මෙහිදී මොළය මඩෙන් ආවරණයව තිබීම නිසා බැක්ටීරියා කි‍්‍රයාකාරීත්වයට අවශ්‍ය පරිසරයක් තිබී නොමැති ලකුණු පෙනෙන බව පර්යේෂකයින් පවසයි.
කාබන් දත්ත පරීක්ෂාවෙන් මෙම මොළයේ වයස තීරණය කිරීම සිදුව තිබේ.
හිමිකරුගේ මරණය සිදුව ඇති ආකාරය ගැනද අදහස් පළකරන පර්යේෂකයින් හිස්කබල හා සම්බන්ධවී තිබූ කෂේරුකා වල සටහන්ව තිබෙන කැපුම් වලට අනුව ගෙළ ප‍්‍රදේශයෙන් පිහි පහරක් එල්ලව ඇති සෙයක් පෙනෙනා බව කියයි.එවන් තුවාළයකින් සිදුවන රුධිර වහනය ක්ෂණික මරණයක් අත්කරදෙන්නකි.
මේ සියල්ලට වඩා පර්යේෂකයින්ගේ අවධානය දිනා ගැනීමට හැකිව තිබෙන්නේ ඉතාම සංවේදී අවයවයක් වන මිනිස් මොළය මේ සා කාලයක් සංරක්ෂණවය තිබීම ගැනය.මිනිස් සම පවා ඉතාම ඉක්මනින් දිරා යද්දී මොළය වැනි අවයවයක් මේ තරම් කාලයක් පැවතීම ඇත්තෙන්ම ප‍්‍රාතිහාර්යයකට නොඅඩුදෙයක් බව ඔවුන්ගේ අදහසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට මිනිස් සිරුර ගැන හරි අවබෝධයක් නැහැ වගේ. දිව තමා මිනිස් සිරුරේ තිබෙන ශක්තිමත්ම මාංශපේශිය (නි)
විශ්වයේ කිනම් හෝ පිරිසිදුම දහමක් තැන්පත්ව ඇති මොලය විශ්වයේ විශ්ව ශක්තිය විසින් ආරක්ෂා කරනු ඇත (නදී)
බුදුදහම ගැන හිතන්න හොඳම අවස්ථාවක්. (නි)
බුදු හිමි වැඩ සිටියත් ප්‍රත්‍යන්ත ජනපදයක වාසය කිරීම නිසා, බුදු බණ ඇසූ සංඥා ඔය මොළයේ නැතුව ඇති. (නි)
මීටපස්සේ මැටි මොළේ කියන වචනය භාවිතා නොකර ඉන්න මම තීරණය කළා (නි)
මොළේ මැටි තිබුණාම අප්සෙට් වුණාට මැටි ඇතුලේ මොළේ තියෙන එක නරක නෑනේ (දිල්)
බුදුන් වහන්සේ සිටි කාලයේ සිටි කෙනෙක් වගේ (දිල්)
අපේ ලොකු ලොක්කන්ගේ මොලත් මැටි වලවල් වල තැන්පත් කොලොත් හොදයි නේද. (හේ)
සම, කෙස් වාගේ දේවලුත් දිරලානේ. මොලය වගේම සියුම් දෙයක්නේ දිව. එ්කත් දිරල නේද? (නදී)
අමුතුවෙන් මැටි වළවල තැන්පත් නොකළාට ලොකු ලොක්කන් බහුතරයකගේ මොළ වල තියෙන්නෙම මැටි තමයි වසන්ත. ඒවා තනිකරම මැටි කළ. (නි)
දිව, සම මොළය වගේම සියුම්. ඉතින් කෙහොමද දිරන්නේ නැතුව තියෙන්නේ ? (නදී)
මොලේ නොදිරා ඇස්, කෙස් ,මස්,සම දිරුවේ කොහොමද (නදී)
මැටි මොලේ කියන්නේ නිකන්ද? (ම)