IMG-LOGO

2024 දෙසැම්බර් මස 02 වන සඳුදා


මොංගෝලියාවේ කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

මොංගෝලියා පාර්ලිමේන්තුවේ කතානායක එන්ක්බෝල්ඞ් මීගොම්බෝ මහතාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත කරගැනීමට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (29) පියවර ගත්හ.

කතානායක එන්ක්බෝල්ඞ් මීගොම්බෝට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර ඉල්ලා අස්වෙන්නැයි බොහෝ පාර්ශව ඔහුට බල කර සිටියත් හෙතෙම ඊට කන් නොදුන්නේය. මේ අනුව පාර්ලිමේන්තුට විශ්වාසභංගයක් ගෙන ඒමට මන්ත්‍රීවරුන් කටයුතු කළ අතර එම විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී සම්මත විය. 

එන්ක්බෝල්ඞ් මීගොම්බෝ හිටපු ජනාධිපති අපේක්ෂයකු මෙන්ම එරට හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වේ. 

කතානායකවරයා ඉල්ල අස්වෙන්නැයි බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ  අතර ඔවුන් තවත් මන්ත්‍රීවරු පිරිසක් හා එක්ව පාර්ලිමේන්තුව වර්ජනය කළහ.

මේ හේතුවෙන් මසකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ කටයුතු අකර්මණ්‍ය වී තිබිණි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීත් මේ මාසයේදීත් වංචා දූෂණ සහ රාජ්‍ය මුදල් වංචා කිරීම් යනාදියට විරෝධය පළ කරමින් මොංගෝලියාවේ නගර කිහිපයකම විරෝධතා පැවැත්විණි. දහස් ගණනක් ඊට සහභාගී වූහ. 

මොංගෝලියාවේ කතානායක එන්ක්බෝල්ඞ් මීගොම්බෝ ආණ්ඩුවේ තනතුරු විකුණානමින් අයථා ලෙස මුදල් උපයා ඇති බවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 24ක් මුදලක් සොයාගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් යන තනතුරු මුදලට විකුණා ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ. 

එන්ක්බෝල්ඞ් මීගොම්බෝ 2017 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහු එයින් පරාජයට පත්වූයේය. ජනාධිපතිධුරයට පත්වූයේ කල්ට්මා බට්ටුලාගාය. කල්ට්මා මේ මස මුලදී කතානායකවරයා බලයෙන් පහ කළ හැකි පරිදි නව නීතියක් ද හඳුන්වා දුන්නේය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි

055

 



අදහස් (0)

මොංගෝලියාවේ කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගුටි කෙළියකින් 100 දෙනෙක් මරුට
2024 දෙසැම්බර් මස 02 177 0

අප්‍රිකා රාජ්‍යයක් වන ගිනියාවේ, පාපන්දු ක්‍රීඩාංගනයක, ක්‍රීඩාලෝලීන් දෙපාර්ශ්වයක් අතරේ හටගත් ගැටුමකින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැ


චීන බැලූනයක් තායිවානයට ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 02 118 0

උතුරු තායිවානයට ඉහළින් අහසේ චීනයේ ඔත්තු නිරීක්ෂණ බැලූනයක් දකින්න ලැබුණු බව තායිවාන ආරක්ෂක අංශ පවසයි. ඔත්තු බැලීමට යොදා ගන්නා චීන යානයක් විදෙස් ගුවන්


නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 27 ක් මරුට
2024 දෙසැම්බර් මස 02 50 0

අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ, නයිගර් නදියේ, මගීන් රැගෙන යාත්‍රා කරන්න වූ බෝට්ටුවක් පෙරළී යෑමෙන් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.


කණ්ණඩ නිළිය ශිවන්යා මියගිහින්
2024 දෙසැම්බර් මස 02 143 0

කණ්ණඩ සිනමාවේත්, එරට රූපවාහිනියේත් ජනප්‍රිය නිළියක ලෙස ප්‍රසිද්ධ ශෝභිතා ශිවන්නා දිවි නසාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


බයිඩන් පුතුට සමාව දෙයි
2024 දෙසැම්බර් මස 02 5046 7

ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී ඇත. බයිඩන්, සිය බලතල භාවිතයට ගනිමින්, පුතු බය


ට්‍රම්ප්ගේ මැදපෙරදිග කලාපීය උපදේශක මසාඩ් බොවුලෝස්
2024 දෙසැම්බර් මස 02 48 0

ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, අරාබි සහ මැදපෙරදිග කලාපීය රටවල කටයුතු පිළිබඳ උපදේශක ලෙස මසාඩ් බොවුලෝස් නම් කර ඇත. ට්‍රම්ප් හි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 643 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 827 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2277 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site