ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ දී බස්රථයක් පෙරැළීමෙන් 23 දෙනකු මියගොස් 20ට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාශ්මීරයේ කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ මේ බසය අනතුරට පත්වන අවස්ථාවේ එහි යා හැකි ප්‍රමාණයට වඩා මගීන් සිටි බව ද ඉන්දීය පොලිසිය පවසා ඇත. වංගුවක් ගැනීමේ දී බසය පාලනය කැර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුවූ බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. ඉන්දියාවේ මෙවැනි අනතුරුවලින් වාර්ෂිකව 200,000 ක පමණ පිරිසක් මිය යති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.